25th September 2025 16:25:25 Hours
තිස් වසරක කුරිරු යුද්ධයේදී රණක්‍ෂිතයට පත් ශ්‍රී ලංකා පාබල හමුදවට අයත් නිලධාරීන් හා සෙසුනිලයින්ගෙන් සැදුම්ලත් පාබල හමුදා රෙජිමේන්තු අතිරේක භටපිරිස් මේ වන විට රෙජිමේන්තු පුහුණු පාසල් කඳවුරු භූමියේ ස්ථානගතකර ඇත. මෙම කඳවුරේ මහත් අඩුපාඩුවක්ව පැවති කොනොනි සමාජ ශාලාව නවතමයෙන් ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කළ අතර, රෙජිඅභ ශ්‍රීලපාහ අණදෙන ලුතිනන් කර්නල් ඊ කේ රන්චාගොඩ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ ඉතා කෙටි කාලයක් තුළ මෙම කොනොනි සමාජ ශාලාවෙහි සියලුම ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී.
සියලු වැඩ අවසන් කළ මෙම අංගසම්පූර්ණ කොනොනි සමාජශාලාව රෙජිඅභ ශ්‍රීලපාහ අණදෙන විසින් කරන ලද විශේෂ ආරාධනාව මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්බ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සුරතින් 2025.09.12 වෙනි දිනට යෙදුනු සුබ මොහොතින් කොනොනින්ගේ අභිවෘද්ධිය උදෙසා විවෘත්ත කරන ලදී.