Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th November 2020 23:14:35 Hours

7 ශ්‍රීලපාහ ඒකකයේ නවතමයෙන් ඉදිකරණ ලද හරිතාගාරය විවෘත කිරිම

අද ලෝකයේ කෘෂිකර්මාන්තය සදහාද නවින තාක්ෂණය භාවිත කරමින් ඉතා ඉහල අස්වැන්නක් ලබාගැනිම විවිධ උපක්‍රම යොදමින් සිටි. ඒ අනුව හරිතාගාර තාක්ෂණය යොදාගනිමින් යුධ හමුදාව තුල විවිධ බෝගයන් වගාකර ඉතා ඉහල ප්‍රථිලාභයන් ලබාගැනිම යෝග්‍ය බැවි වටහාගත් රෙම ශ්‍රීලපාහ වත්මන් රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් යන ජේෂ්ඨ නිලධාරිගේ දැක්ම අනුව ක්‍රියාත්මක වෙමින් මෙම ඒකක වත්මන් අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ටිකේපිඑමි ඩයස් ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම ඒකකයේදි හරිතාගාරක් ඉදිකිරිම සදහා මුලික අඩිතාලම සකස් කරන ලදි.

මෙහිදි ඒකක අණදෙන නිලධාරිගේ පුර්ණ අධික‍ෂණය යටතේ හා මගපෙන්විම යටතේ මෙම ඒකක නිලධාරින්ගේ සෙනින්ගේ දැඩි වෙහෙස මහන්සිය හා කැපකිරිමි අවසානයේ මාස 2 ක් වැනි කෙටි කාලසීමාවකදි ඉතා උසස් අන්දමේ හරිතාගාරක් ඉදිකිරිමට හැකියාව ලැබිනි.

මෙසේ ඉදිකරන ලද හරිතාගාරය 2020.11.21 වන දින වත්මන් රෙජිමෙන්තු අධිපති මෙන්ම නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථාන සේනාවිධායක වන මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් හා රෙම ශ්‍රීලපාහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩිඒකේ දිසානායක ඩබ්ලිවිඩබ්ලිව්පි ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සුරතින් මෙම හරිතාගාරය විවෘත කිරිම සිදු කරන ලදි.

මෙම හරිතාගාරය තුලින් ඉතා ඉහල මටිටමේ ප්‍රථිලාභයන් ලබා ඒකකයේ නිලධාරි/සෙසුනිලයින්ගේ සුභසාධනය සදහා යෙදවිම මෙම ඉදිකිරිමේ මුලික පරමාර්ථය වේ. තවද රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සංකල්පය වන්නේ ඉහල ප්‍රථිලාභයන් ලැබිය හැකි මෙවැනි ක්‍රම රෙජිමේන්තුවේ අනෙකුත් ඒකකයන් අතරද ප්‍රචලිත කිරිමයි. ඒ සදහා ඇවැසි පුහුණුවිමි කටයුතුද මෙම ඒකකය සමග සම්බන්ධතාවයෙන් සිදුකරගන්නා ලෙස උපදෙස් ලබාදෙන ලදි. තවද වසර 22 ක් අවසානයේ විශ්‍රාම යන අයවලුන්ටද මෙම හරිතාගාර තාක්ෂණය පිලිබදව උපදෙස් හා පුහුණුවක් ලබා දිම තුලින් ඔවුන්ගේද විශ්‍රාම දිවිය අර්ථවත් කල හැකි බවත් ඒ සදහා කටයුතු යොදන ලෙසත් රෙජිමේන්තු අධිපති විසින් උපදෙස් ලබාදෙමින් ඉතා උසස් අන්දමින් ඉදිකල මෙම හරිතාගාරය පිලිබදව ඇගයිමට ලක් කරන ලදි.