Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

13th September 2021 16:49:59 Hours

නිවසක් නොමැති රණවිරුවෙකු හට නව නිවසක් ඉදිකර දීම

රෙඡිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩියූ යන ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන්ගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මැතිණියගේ පූර්ණ මග පෙන්වීම මත ක්‍රියාවට නංවන ලද ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකකයන් නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවෙකු හට නිවසක් ඉදිකර දීමේ මහඟු සත්කාර්යේ දෙවන පියවර යටතේ 9 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් අංක 50/06, මගුල් දමන, පැලැටියාව, පොළොන්නරුව ලිපිනයේ පදිංචි එම ඒකකයට අයත් සෙ/9ඩි01460 කෝප්‍රල් මහකුමාර එම්කේඩීඑස් හට රුපියල් ලක්‍ෂ 1,500,000.00 ක් වටිනා නව නිවසක් ඉදිකර 2021.09.05 දින 1010 පැයට යෙදුන සුභ මොහොතින් නිවාසලාභී කොනොනි හට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මහකාරක සභාවේ ජ්‍යේෂ්ඨ සමාඡික හා නැගෙනහිර ආරක්‍ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් සීඩී වීරසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරි තුමාගේ සභාගිත්වයෙන් නිවසේ යතුර භාරදෙන ලදී.

හෙළ සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කර්නල් (සෙව්) සම්බන්ධීකරන කර්නල් යු වනිගසුරීය ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් හා මාණ්ඩලික නිලධාරි 1 (පාලන)ලුතිනන් කර්නල් ඔඑන් මානගේ ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරි ගේ සහභාගිත්වයෙන් කොවිඩ් 19 වසංගත තත්වය මත පනවා ඇති සෞඛ්‍ය නීති රෙගුලාසීන්ට අනුකුලව අදාළ උත්සවය ඉතා චාම් අන්දමින් සිදු කරන ලදී.