Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th February 2021 16:30:04 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමාගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ තුන්වන අධියර

ශ්‍රි ලංකා පාබල හමුදාවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස පත්වු මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද අබ්‍රේව් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රිලපාහ ඒකක සංචාරය තුන්වන අධියර සනිටුහන් කරමින් 2021 පෙබරවාරි 17 වන දින 8 ශ්‍රිලපාහ ඒකකයෙහි සිදු කරන ලදි. ශ්‍රිලපාහ ඒකකයන් හි නිලධාරින් හා සෙසුනිලයින්ගේ අවශ්‍යතා පිළිබඳ සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වු සියලු පාලන කටයුතු විධිමත්ව සිදුකිරිම පිළිබඳව සොයා බැලිම මෙම ඒකක සංචාරයේ මුලික පරමාර්ථය විය.

8 ශ්‍රීලපාහ ඒකක වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන්ව ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේවයි ප්‍රියදර්ශන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පීඑස්සි ශ්‍රිලපාහ විසින් තම ඒකකය වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන් වෙත කඳවුරු මුරයක් පිරිනමමින් ගෞරවයෙන් පිළිගන්නා ලදි. ඉන්පසු කදවුරු සංචාරයේ නිරත වු අතර භට පිරිස් අමතා හරවත් දේශනයක් සිදුකරන ලදී. සංචාරය සිහිවිම වස් කදවුරු භූමියේ අඹ පැලයක් රෝපණය කල අතර මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු සේනාවිධායක ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි වු අතර රටෙහි පවතින කොරෝනා වෛරසය පැතිරිම වැලැක්විමේ නිතිරිතින්ට අනුගතව සිදුකිරිම විශේෂත්වයකි.