Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

21st September 2021 19:16:22 Hours

රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදාවේ 14 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරයෙහි පළමු අධියර සනිටුහන් කරමින් 2021 සැප්තැම්බර් මස 16 වන දින පිළිවෙලින් 16 (සෙව්) , 9 (සෙව්) හා 11 ශ්‍රීලපාහ ඒකකයන්ද, 2021 සැප්තැම්බර් මස 17 වන දින පිළිවලින් 20, 19, 10 හා 17 (සෙව්) ශ්‍රීලපාහ යන ඒකකයන්ද, අවසන් වශයෙන් 2021 සැප්තැම්බර් මස 18 වන දින පිළිවලින් 7, 12, 23 හා 14 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයන්හීද සංචාරය කරන ලදී.

රෙජිමේන්තු අධිපති ලෙස වැඩ භාර ගැනිමෙන් පසු ඒකකයන් වෙත ගොස් නිලධාරීන් හා සෙසුනිලයන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලීම සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වු සියළුම පාලන කටයුතු විධිමත්ව හා ක්‍රමවත්ව සිදු කිරීම පිළිබඳ සොයා බැලීම මෙම සංචාරයේ මුලික පරමාර්ථය වු අතර මෙහිදී ඒකකයන්හී අණදෙන නිලධාරීන් විසින් තම ඒකකයන් වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදී. මෙම සංචාරයේදි රෙජිමෙන්තු අධිපති තුමන් විසින් බළඇණි වශයෙන් ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව පැසසුමට ලක් කල අතර ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රාජකාරී කරන සියලුම නිලයන් හී විනය ඉතා ඉහල මට්ටමකින් පවත්වා ගැනීමෙන් තම යුද්ධ හමුදා ජීවිතය මෙන්ම සිවිල් ජීවිතයද සාර්ථක කරගත හැකි බවට සියළු නිලධාරීන් හා සෙසුනිලයින් අමතා දැනුවත් කරන ලදී.

තවද ඒකක වල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකල යුතු ආකාරය පිළිබඳව හා ඊට අවශ්‍ය උපදෙස් සහ මග පෙන්වීම් ලබාදෙමින් වර්ථමානයේ සොල්දාදුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම, නීති විරෝධි ව්‍යාපාර වලට සම්බන්ධවීම හා විවිධ අපචාර ක්‍රියා වලට යොමුවීම, සියදිවි හානිකර ගැනිම් සබැදිව භඨපිරිස් අමතන අවස්ථාවේ විශේෂයෙන් සදහන් කල අතර එවැනි ක්‍රියාකාරකම් වලින් වැලකී යුද්ධ හමුදාවේ ගෞරවයට හා කීර්තිනාමයට හානි නොවන අයුරින් ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳව දැනුවත් කර අනාගත යුද හමුදා වෘත්තීය නිපුනත්වයෙන් හෙබි සෙබලෙකු ලෙස දැණුම සහ පුහුණු නිපුනත්වය හා එහි වටිනාකම් අවබෝධකර දී, එම අරමුණු සාක්ෂාත් කිරීම සඳහා යුද හමුදා ඉදිර සැලසුම් හා 2020 සහ 2025 යුද හමුදා ඉදිරි දැක්ම සංකල්පය පිළිබඳ කරුනු අඩංගු හරවත් දේශණයන් සිදු කරන ලදි. මෙම සංචාරය සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරි ඇතුලු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගි වන ලදී.