Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

02nd March 2021 16:08:13 Hours

ගෞරවණීය උත්තමාචාරයන්ගෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් ජීඑම්සිකේබි ඒකනායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පිඑස්සි

වර්ෂ 1966 ක් පෙබරවාරි මස 28 වන දින මාතලේ මහ රෝහලෙදි උපත ලද කිත්සිරි ඒකනායක මුලික අධ්‍යාපනයන් බණ්ඩාරපොල මහ විද්‍යාලය හා මාතලේ විජය මහ විද්‍යාලයෙන් හදාරා තම උසස් අධ්‍යාපනය මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ අතර එම පාසල්හි ක්‍රිඩා කටයුතු වලදි කැපිපෙනෙන දක්ෂතා දක්වා ඇති අතර පොදු කටයුතු වලදි ද කැපිපෙනෙන දිප්තිමත් ශිෂයෙකු වශයෙන් තම පාසැල් දිවිය සාර්ථකව නිම කිරිමෙන් අනතුරුව දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වස් වර්ෂ 1987 ක් ජුලි මස 21 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, මූලික පුහුණුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1989 ජුනි මස 23 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 4 වන බළඇණියට ඇතුළත් විය. ඉන් අනතුරැව යුධ හමුදා විවිධ ආයතනයන්හි තනතුරු විශාල ප්‍රමානයක් දරණ ලද අතර අවසන් වශයෙන් අධ්‍යක්‍ෂ සැළසුම් වශයෙන් රාජකාරී කරන ලදි.

11 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හුමුදාවෙහි අණදෙන නිලධාරි වශයෙන් මානුෂිය මෙහෙයුමේදි විශිෂ්ඨ සේවාවක් ඉටු කර ඇති අතර රෙජිමේන්තුව වෙනුවෙන් හා යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකල ඉතා අමරණිය සේවාවන් අතර 4 ශ්‍රීලපාහ අධිරිද්ම සංගීත කණ්ඩායම නගා සිටවිම, 11 ශ්‍රීලපාහ අධිරිද්ම සංගීත කණ්ඩායම නගා සිටවිම, මියගිය හා තුවාල ලද රණවිරුවන් හට නිවාස ඉදිකර දිම, 11 ශ්‍රීලපාහ නායක්වය දරණ අතරතුර යුද්ධයේදි මියගිය සෙබලුන් 205ක් වෙනුවෙන් උපහාර ගුණ ගායනා ගීත 205ක් රචනා කර අනුෂ්මරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම හා රෙජිමේන්තුවෙහි ප්‍රායෝගික හා සංග්‍රාමික වෙඩි තැබිමේ කණ්ඩායම පුරා අවුරුදු 30ක අධික කාලයක් මෙහෙයවා ජයග්‍රහන රැසක් අත්කර දීම ඉන් කිහිපයකි.

තවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෘත්තිමය මෙන්ම ශාස්ත්‍රීය දැනුමෙන් සමන්විත වු ජ්‍යෙෂ්ට නිලධාරියෙකු වන අතර දේශිය මෙන්ම විදේශිය පාඨමාලා සහ විදේශිය වැඩමුලු රාශියකට සහභාගිවි දැනුමෙන් පරිපුර්ණ වු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අතර, පස්චාත් උපාධි 2ක්, ශාස්ත්‍රිය උපාධි 2ක් හා ඩිප්ලෝමා පාඨමාලා 3ක් මෙතුමන් විසින් හදාරා ඇති අතර ක්‍රියාන්විතයන්හි ප්‍රදර්ශනය කරන ලද රණකාමිත්වය ඇගයිම වස් මෙතුමන් හට විර වික්‍රම විභූෂණ පදක්කම, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම් හිමි ගන්වා ඇත.

මේජර් ජෙනරාල් ජීඑම්සිකේබි ඒකනායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම යෑම වෙනුවෙන් 2021 ක්වූ පෙබරවාරි මස 27 වන දින රෙජිමේනුතු මධ්‍යස්ථානයට සපැමිණි අතර රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදායානුකූලව පිරිණමනු ලැබූ අභිමානවත් හා ගාම්භීර කදවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුකිරීමෙන් අනතුරුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් භඨ පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත, ආදර්ශමත් පණිවිඩයක් සියලුම නිලයින්හට ලබාදෙන ලදී. පසුව පැමිණ සිටි සියලුම නිලධාරින් සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටින ලද අතර, අනතුරුව බනි/සැරයන් නිවස්නයේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගී වූ අතර මෙම අභිමානවත් උත්සවය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පිඑස්සි එච්ඩිඑම්සි මැතිතුමන්ගේ පූර්ණ අශීර්වාදයෙන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ මගපෙන්වීම මත නියෝජ්‍ය සේනාවිධායක තුමන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ සිදුවිය. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවටඅයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් රැසක් සහ රෙසැමේ ඇතුලු සියලුම නිලයින් සහභාගී විය.

පසුව සන්ධ්‍යා කාලයේදි නිලධාරි නවස්නයේදී එතුමන් වෙනුවෙන් ඉතා ගාම්භිරවූත් අලංකාරවූත් රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමන ලදි. විශ්‍රාම ගන්නා ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙනුවෙන් රෙජිමේන්තු අධිපති තුමන් විසින් ඉතා හරවත් කථාවක් පවත්වා රෙජිමේන්තුවේ සියළු නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් එතුමන්ගේ ඉදිරි අනාගතයට සුබ ප්‍රාර්ථනා ඒක්කළ අතර සමරු තිළිණයකක් ද පිළිගන්වන ලදි. මෙම උත්සව කටයුත්තේ සියළු අවස්ථාවන රටෙහි පවතින වත්මන් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට භාජනය කරමින් පැතිරීම වැලැක්වීමේ නීති රීතීන්ට අනුකූලව සිදු කිරීමට වගබලාගන්නා ලදි.