Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

22nd October 2021 09:34:05 Hours

රෙම ශ්‍රීලපාහ රණවිරු නිවාස ව්‍යාපෘතිය ''රණවිරු හිසට නව සෙවණක්"

රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත රෙජිමේන්තුවට අයත් රණවිරුවන් වෙත නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර, එය රෙජිමේන්තුවේ සියලු බළඇණි නියෝජනය වන පරිදි ක්‍රියාත්මක විය. මෙහිදී එක් බළඇණියක් විසින් තෝරාගත් එක් රණවිරුවෙකු හට නිවසක් ඉදිකර දීම සිදුකළ අතර, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 20ක් වීරෝධාර රණවිරුවන් හට ප්‍රදානය කිරීමට සැළසුම් කෙරිණි.

මෙම අංග සම්පුර්ණ නිවසක් ඉදිකිරීම සඳහා දළ ඇස්තමේන්තු ගත වටිනාකම රු.1,400,000.00 වන අතර, ශ්‍රමදායකත්වය අදාල බළඇණි විසින් ද, නිවාස ඉදිකිරීම සදහා වැයවන මුදල්, එම බළඇණි විසින් සොයා ගන්නා ලද විවිධ අනුග්‍රාහක භවතුන්ගේ දායකත්වය මත ද සිදු කරයි. මෙම නිවාස ව්‍යපෘතියේ සැළසුම් කරන ලද නිවාස සියල්ල ආසේමු (යා) ආඥාපති හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම යටතේ 2021 ඔක්තෝබර් මස 15 වන දින ඉතා සාර්ථකව නිම කළ අතර, එම ව්‍යාපෘතියේ දෙවන අදියර රෙජිමේන්තු අධිපතිගේ පූර්ණ අධීක්ෂණය හා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සහයද ඇතිව 2021 නොවැම්බර් මස සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම නිවාස ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට උරදුන් බළඇණි අණදෙන නිලධාරීවරුන්, ශ්‍රම දායකත්වය ලබාදුන් රණවිරුවන් හා මුල්‍යමය දායකත්වය ලබාදුන් අනුග්‍රාහක භවතුන් රෙජිමෙන්තු අධිපතිගේ ඉමහත් පැසසුමට ලක් වූ අතර, මෙම නිවාස භාරදීමේ උත්සවයන් ඉතාමත් චාම් අන්දමින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමෙන්තු අධිපතිගේ හා රෙජිමෙන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සිදුකරනලදී.