31st January 2023 17:30:09 Hours
රෙජිමේන්තු අධිපති තුමාගේ උදාර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ II වන අධියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි. ඒ යටතේ 3 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මුල්‍ය හා ශ්‍රමදායකත්වයෙන් හැමගමදෝව, අයිවල, බිබිල ලිපිනයේ පදිංචි සෙ/320777 ලාකෝ සුරේෂ් කුමාර ඩිඑම්සි යන කොනොනි වෙනුවෙන් ඉදිකල නිවස රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යේෂ්ඨ සමාජික හා 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සුරතින් 2023.01.20 දිනට යෙදුනු සුභ මොහොතින් ප්‍රධානය කරන ලදී.
05th December 2022 12:19:33 Hours
මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අතර, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ වත්මන් රෙජිමේන්තු අධිපති ලෙස ද කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 61 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස මෙතුමන් 2022.12.01 වන දින සර්ව ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සුබ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදී. මේජර් ජෙනරාල් චන්න වීරසූරිය දශක තුනක් පුරාවට පැවති කුරිරු යුද්ධය නිමා කිරීම වෙනුවෙන් තම සක්‍රීය දායකත්වය ලබා දී ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වේ. මීට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, අඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ 22 පාබල සේනාංකයේ සේනංකාධිපති වැනි සුවිශේෂි තනතුරු රාශියක රාජකාරීන් සිදු කර මනා දැනුමකින් හා වෘත්තීය නිපුණත්වයකින් හෙබි කීර්තිමක් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.
01st December 2022 15:43:31 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා වත්මන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බළඇණිවල භටපිරිස් ඇමතීම වෙනුවෙන් 2022.11.19 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි හා 53 වන පාබල සේනාංක මූලස්ථානයෙහි සංචාරයක නිරත වන ලදී.
25th November 2022 18:18:38 Hours
වසර 141 ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව (ශ්‍රීලපාහ) 1960 වර්ෂයේ සිට 2021 අප්‍රේල් මස 28 වන දින තෙක් “මංගල වස්තුව” ලෙසින් හස්ති රාජයෙකු විවිධ සම්මාන උත්සව සහ දෙස් විදෙස් රාජ්‍ය නායකයින් වෙනුවෙන් පිරිනමන සම්මාන මුර හා පෙළපාළි සිදු කිරීම සඳහා යොදවාගත් අතර, ඒ තුළින් ශ්‍රී ලාංකීය අභිමානය ඉතාමත් ඉහළින් නිරූපණය වන ලදී. පවතින නෛතික රාමුව තුළ නවවන කණ්ඩුල ලෙස නව අලි පැටවෙකු ලබාගැනීම වෙනුවෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ නායකත්වය හා අධීක්ෂණය යටතේ පිඹුරුපත් සකස් කෙරිණි.
17th November 2022 17:36:45 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක් ක්‍රියාවට නංවන ලදි. ඒ අනුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ උපදෙස් පරිදි සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ මඟපෙන්වීම යටතේ සේවා වනිතා ශාඛාව වෙතින් මුදල් වැයකර 15 ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රමදායකත්වය ඇතිව නො:109/118, අරමංගොඩ, හේනේගම, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 15 ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/331795 පාසෙ මදුෂංඛ පීඒජී (මියගිය) යන සෙනීගේ ලඟම ඥාතියා වෙනුවෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ නව නිවස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් 2022.11.14 වන දින 1101 පැයට යෙදී තිබූ සුභ මොහොතින් විවෘත කරන ලදි. එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් සහ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී වන ලදී.
17th November 2022 17:32:21 Hours
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය හා පුනර්ජීවනය කිරීමේ ජාතික කර්තව්‍යයට දායකවීමේ උදාර අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා වත්මන් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පූර්ණ මගපෙන්වීම යටතේ සංවිධානය වූ මෙම දැවැන්ත සංගීත සංදර්ශනය නොවැම්බර් මස 04 සහ 05 යන දෙදින තුළ හික්කඩුව මහජන ක්‍රිඩාංගනයේ දී පවත්වනු ලැබීය. මෙම සැණකෙළිය කමාන්ඩෝ රෙජිමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද සුනඛ සංදර්ශනය, යුද්ධ හමුදා අංගම්පොර සංදර්ශනය, පාබල හමුදා රෙජිමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද තුර්ය වාදක හා සරඹ සංදර්ශනය ආදියෙන් සමන්විත වූ අතර, එම විශේෂාංග සැණකෙළිය නැරඹීමට පැමිණි මහජනතාව වෙත නැවුම් අත්දැකීමක් එක් කිරීමට සමත් විය.
03rd November 2022 11:49:34 Hours
02nd November 2022 17:00:34 Hours
යුද්ධ හමුදාව තුළ දිනපතා සිදුකෙරෙන බිල්පත් නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය නවතාලමින් ඒ සඳහා නවීන තාක්ෂණයට අනුව ජාලගත ඊ බිල් කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීම 2022.10.25 වන දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ගෞරවනීය ආරාධනයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීතුමන්ගේ සුරතින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී සිදුකෙරිණ.
20th September 2022 19:28:54 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි සහ ඒ යටතෙහි වන බළඇණියන් වෙත මනා නායකත්වයක් ලබාදෙමින් රෙජිමේන්තු අධිපතිවරුන් හට ඔවුන්ගේ කාර්යභාරයන් හා රෙජිමේන්තු වගකීම් ඉටුකිරීම සඳහා මහත් පිටුවහලක් වුන බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 2022.09.17 වන දින සිය ධූරයෙන් නික්ම යන ලදී.
04th July 2022 07:38:03 Hours
ජාතික පැරා ක්‍රීඩා කමිටුව මඟින් සංවිධානය කරනු ලබන ජාතික පැරා මලල ක්‍රීඩා තරඟාවළිය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා කණ්ඩායම් 28 ක සහභාගීත්වයෙන් 2022.06.28 සහ 29 යන දෙදින තුළ සුගතදාස ක්‍රීඩාංගනයේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.