Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th July 2023 14:55:49 Hours

නවීකරණය කළ රෙජිමේන්තු ''සී" භටනිවාසය සෙබළ අයිතියට පත්කල වගයි.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ සංකල්පයකට අනුව රෙජිමේන්තුවේ රාජකාරියෙහි නියුතු සෙබළුන්ගේ නේවාසික භට නිවාස අලූත්වැඩියා කිරීම සඳහා දියත් කරන ලද ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ අලුත්වැඩියා කරන ලද ''සී" භටනිවාසය 2023.07.08 වන දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් සෙබළුන්ගේ ප්‍රයෝජනය සඳහා පවරාදෙන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරම්භයේදී එනම්, 1950 දෂකයේදී ඉදිකරන ලද මෙම පැරණි භටනිවාස සහිත ගොඩනැගිලි යුද්ධ හමුදා මුදල් ප්‍රතිපාදන හා රෙජිමේන්තු අරමුදල් වැයකර අදියරයන් කිහිපයක් යටතේ නවීකරණය කිරීම සඳහා සැළසුම් කර ඇති අතර, දෙවෙනි අදියර යටතේ ඉතා කෙටි කාලයක් තුළදී ''සී" භටනිවාසය අලුත්වැඩි කිරීමට හැකිවිය.

මහල් දෙකකින් සමන්විත මෙම භට නිවාසය ඉසේරෙ සෙබළුන් හා ශ්‍රීලපාහ සංවර්ධන වැඩ කණ්ඩායමේ සෙබළුන් විසින් නවීකරණ කටයුතු සිදුකළ අතර, රෙජිමේන්තු තුවාක අංශයේ සෙබළුන් මේ සඳහා සුවිශේෂී ශ්‍රමදායකත්වයක් ලබාදෙන ලදී. පැවති අධික වර්ෂා සහිත කාලගුණික තත්වයන් යටතේ වුවද ඉතා කෙටි කලක් තුළ දී මෙහි වැඩ නිමවා අංග සම්පූර්ණ භට නිවාසයක් බවට පත්කළ අතර, මෙහි සියලුම නවීකරණ කටයුතු රෙජිමේන්තු අධිපතිගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායකගේ මගපෙන්වීම හා මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායකගේ පූර්ණ අධීක්ෂණය මත සිදුවිය.

මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවට අයත් ජ්‍යෙෂඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක ඇතුලු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, බළඇණි අණදෙන නලධරීවරුන්, නිලධාරීන් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසු‍නිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.