19th December 2025 18:13:58 Hours
මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2025 ක් වූ දෙසැම්බර් මස 19 වන දින සපැමිණි මේජර් ජෙනරාල් ජීඩීජේසී ප්‍රේමතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත සම්ප්‍රදානුකූලව කඳවුරු මුරයක් හා අභිමානවත් සම්මාන මුරයකින් පිළිගනු ලැබීය.
17th December 2025 17:41:45 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ සංකල්පයකට අනුව, අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් රණවිරුවන් වෙනුවෙන් වියලි සලාක, ඇඳුම් සහ පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක් 2025.12.14 වන දින 5 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේදී ලබාදෙන ලදී.
17th December 2025 17:38:09 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනි යහම්පත් මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2025.12.12 වන දින මිහිඳු සෙත් මැඳුර අත්තිඩිය සුව සහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසිම සඳහා සංචාරයක් සිදු කරන ලදි.
16th December 2025 22:09:12 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ සංකල්පයකට අනුව, අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් වියලි සලාක, ඇඳුම් සහ පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක් 2025.12.10 වන දින මහනුවර උඩුදුම්බර ගංගොඩ ප්‍රදේශයේ ජනතාව වෙත ලබාදීම සිදු කරන ලදී.
16th December 2025 21:59:59 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ පිංබර සංකල්පයකට අනුව, වර්ථමාන සමාජයේ බහුලව දක්නට ලැබෙන සහ සමාජයට උවදුරක්ව පවතින මත් ද්‍රව්‍ය, අන්තර්ජාල සූදු සහ සමාජ මාධ්‍ය හේතුවෙන් ඇතිවන පවුල් ගැටළු අවම කර ගැනීම වෙනුවෙන් කාලීන ධර්ම දේශණයක් පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් 2025 ක් වූ නොවැම්බර් මස 25 ක් වන දින ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.
26th November 2025 16:54:00 Hours
වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් බීජේ ලේකම්ගේ ආර්එස්පී කේඑස්වී ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2025 නොවැම්බර් මස 21 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
26th November 2025 16:33:41 Hours
මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2025 ක් වූ නොවැම්බර් මස 18 වන දින සපැමිණි මේජර් ජෙනරාල් ටීඑන්කේ පෙරේරා ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත සම්ප්‍රදානුකූලව කඳවුරු මුරයක් හා අභිමානවත් සම්මාන මුරයෙන් පිරිනමනු ලැබීය.
22nd November 2025 10:00:22 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී හා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනි යහම්පත් මැතිණියගේ උපදෙස් හා මගපෙන්වීම මත 144 වන රෙජිමේන්තු සංවත්සර උත්සවයට සමගාමීව පාබල හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු රණවිරුවන්ගේ හා ක්‍රියාන්විතයේදි මියගිය රණවිරුවන්ගේ පවුල් සහ සිවිල් සේවක මහතුන්ද ඔවුනගේ පවුල් සඳහා තම ජිවන තත්වය ඉහල නැන්විමේ අරමුණින් 2025 11.05 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී රණවිරුවන් සහ සිවිල් සේවක මහතුන් හට මූල්‍යාධාර ලබාදීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලදී.
15th November 2025 09:15:45 Hours
1950 මැයි මස 12 වන දින ස්ථාපිත කරන ලද පළවන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත 1993 වසරේදී පුනරින් අර්ධද්වීපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරි තිබු අතර, එවකට ඒකකයේ අණදෙන නිලධාරි වශයෙන් මේජර් ජෙනරාල් ටීටීආර් ද සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් රාජකාරි කරන ලදී. ත්‍රස්ථවාදීන් විසින් දීර්ඝ කාලීනව සිදුකරන ලද සැලසුමක් අනුව 1993 නොවැම්බර් මස 11 වන දින 0110 පැයේ සිට දැවැන්ත ප්‍රහාරයක් දින 05 ක් පුරාවට එල්ල කරන ලදී. අණදෙන නිලධාරි තුමන්ගේ අභීත නායකත්වය මෙන්ම සියළු නිලධාරි හා සෙසුනිලයින්ගේ අප්‍රතිහත ධෛර්යය තුලින් වර්ණ හිමි බළඇණියක අභිමානයද සුරක්ෂිත කරමින් ත්‍රස්ථවාදීන් හා සටන් වදිමින් යුද්ධ ඉතිහාසයේ අමරණීය සටහනක් තබමින් මෙම භූමිය ත්‍රස්ථවාදීන් හට අත්පත් කර ගැනීමට නොදී ආරක්ෂා කර ගැනීමට සමත් විය. එහිදී එක් නිලධාරියෙක් හා සෙසුනිලයින් 50 දෙනෙකු මියගොස්, නිලධාරින් 03 දෙනෙකු හා සෙසුනිලයින් 107 දෙනෙකු අතුරුදහන් වු අතර, නිලධාරින් 05 දෙනෙකු හා සෙසුනිලයින් 138 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇත.
01st November 2025 11:00:40 Hours
144 වන රෙජිමේන්තු සංවත්සර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී හා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිණියගේ උදාරතර සංකල්පයකට අනුව 30 වසරක ශාපලත් යුද්ධය ශ්‍රි ලංකාද්වීපයෙන් මුලිනුපුටා දමා ත්‍රස්තවාදය තුරන් කර රටට තිරසාර සාමය උදාකරලීමේ ක්‍රියාන්විතයන්හිදී රටදැය වෙනුවෙන් තම ජීවිතදානය පුදකළ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් වීරෝදාර රණවිරුවන්හට නිවන් සුව ප්‍රාර්ථනා කිරිම ..........