17th April 2026 15:37:05 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදේශකත්වය හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ මගපෙන්වීම මත සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සේවා වනිතා ව්‍යාපෘතීන්හි රාජකාරියේ නියුතු සෙබළුන් වෙත ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් 2026.04.10 වන දින පවත්වන ලදී
09th April 2026 09:35:49 Hours
අභිමානවත් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ උන්නතිය උදෙසා මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා පුරා වසර 33 කට අධික කාලයක් තම විශිෂ්ට සේවය ලබාදෙමින් මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා වර්ෂ 2026 ක් වූ අප්‍රේල් මස 08 වන දින තම මව් රෙජිමේන්තුව වෙත සපැමිණි මේජර් ජෙනරාල් කේඒ පුෂ්පකුමාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත රෙජිමේන්තු ගෞරවාචාරය පුදකරනු වස් සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් හා අභිමානවත් සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.
17th March 2026 11:21:50 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත 2026.02.28 වන දින මීගොඩ නඩුහේන ප්‍රදේශයේ පිහිටි මහාබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් වෙත ත්‍යාග හා ඔවුන්ගේ පරිහරණය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් සාර්ථකව සිදුකරන ලදී.
09th March 2026 12:40:35 Hours
වසර 33 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ඒඑච්කේ විජේගුණවර්ධන ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2026 මාර්තු මස 06 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
27th February 2026 12:02:31 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත 2026.02.20 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණශාලාවේදි මෙම රණවිරු අර්ධ නිවාස මුල්‍යාධාර වැඩසටහනේ VI වන අධියර ආරම්භ කරන ලදී.
26th January 2026 17:17:12 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ මෙතෙක් ඉදිකිරීම් අවසන් නොකල නිවාස වල ඉදිකිරීම් කටයුුතු අවසන් කර දීම සඳහා මෙම රෙජිම සේවා වනිතා ශාඛාව සහ ඒකක වෙතින් මූල්‍යමය හා ශ්‍රම දායකත්වය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතී.
08th January 2026 11:05:41 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ සංකල්පයකට අනුව, අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් ඇඳුම් පැළඳුම් හා පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක් 2026.01.06 වන දින වලපනේ, රූපහ, අඹලියද්ද ග්‍රාමසේවා වසමේ ක්‍රියාත්මක කල අතර, එහිදී පීඩාවට පත් පවුල් 155 ක සාමාජිකයින් 550 කු හට ඇඳුම් පැළඳුම් හා පානීය ජලය ලබාදීම සිදු කරන ලදී.
02nd January 2026 18:39:56 Hours
නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාමට නියමිත පාබල හමුදා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් ඒඑම්සීපී විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී හා මෑතකාලීනව විශ්‍රාම ලැබූ බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, බ්‍රිගේඩියර් සීඑස් පද්මශාන්ත (විශ්‍රාමික) ආර්එස්පී පීඑස්සී, බ්‍රිගේඩියර් බීජේ ලේකම්ගේ (විශ්‍රාමික) ආර්එස්පී කේඑස්වී, යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් සහභාගීත්වයෙන් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් 2025 දෙසැම්බර් මස 29 වන දින රෙම ශ්‍රීලපාහ නිලධාරී නිවස්නයේදී පවත්වන ලදී
27th December 2025 18:13:20 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ සංකල්පයකට අනුව, ගැබිණි මව්වරුන් වෙනුවෙන් අවශ්‍ය ඇඳුම් බෙදාදීමේ වැඩසටහනක් 2025.12.24 වන දින කාසල් විදියේ කාන්තා රෝහලේදි ක්‍රියාත්මක කල අතර, එහිදී ගැබිණි මව්වරුන් 100 දෙනෙකු හට අවශ්‍ය ඇඳුම් ලබාදීම සිදු කරන ලදී.
19th December 2025 18:13:58 Hours
මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2025 ක් වූ දෙසැම්බර් මස 19 වන දින සපැමිණි මේජර් ජෙනරාල් ජීඩීජේසී ප්‍රේමතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත සම්ප්‍රදානුකූලව කඳවුරු මුරයක් හා අභිමානවත් සම්මාන මුරයකින් පිළිගනු ලැබීය.