Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th January 2026 11:05:41 Hours

සේවා වනිතා ශාඛාව වෙතින් අඹලියද්ද ප්‍රදේශයේ ආපදාවට ලක්වු ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර.....

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ සංකල්පයකට අනුව, අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් ඇඳුම් පැළඳුම් හා පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක් 2026.01.06 වන දින වලපනේ, රූපහ, අඹලියද්ද ග්‍රාමසේවා වසමේ ක්‍රියාත්මක කල අතර, එහිදී පීඩාවට පත් පවුල් 155 ක සාමාජිකයින් 550 කු හට ඇඳුම් පැළඳුම් හා පානීය ජලය ලබාදීම සිදු කරන ලදී.

මෙම සමාජ සත්කාරය වෙනුවෙන් ඇඳුම් පැළඳුම් සඳහා දායකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රීලාංකිකයින්ගේ එකමුතුවෙන් පසුගිය දිනවල සිදුවු ආපදාවෙන් පීඩාවටපත් ශ්‍රීලාංකිකයින් වෙනුවෙන් සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන Tears to Smile ව්‍යාපෘතිය හා සේවා වනිතා ශාඛාවේ මුල්‍ය දායකත්වයෙන් යුතුව සිදු කල අතර, Tears to Smile ව්‍යාපෘතිය නියෝජනය කරමින් මහාචාර්ය මහේෂ් විතාරණ මහතා මූලිකත්වය ගෙන කටයුතු කල අතර, ඒ සඳහා පුර්ණ සම්බන්ධීකරණ කටයුතු සිදුකල රෙජිමේන්තු පුහුණු පාසල බූස්ස හි සේනාවිධායක කර්නල් එච්බීටී ප්‍රියංකර ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සමඟ සෙසුනිලයින් මෙම මාහැඟි අවස්ථාව සඳහා සහභාගී විය.