Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th January 2026 17:17:12 Hours

රණවිරු දිරියට සේවා වනිතාවෙන් අත්වැලක්.....

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ මෙතෙක් ඉදිකිරීම් අවසන් නොකල නිවාස වල ඉදිකිරීම් කටයුුතු අවසන් කර දීම සඳහා මෙම රෙජිම සේවා වනිතා ශාඛාව සහ ඒකක වෙතින් මූල්‍යමය හා ශ්‍රම දායකත්වය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතී.

ඒ අනුව තෝරාගත් රණවිරුවන් අතුරින් 2 වන ස්වේච්ඡා බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් සෙ/9ඩි01363 සැරයන් කුමාර එන්පීඑන්එස් යන ජ්‍යෙකොනොනිගේ අර්ධ වශයෙන් නිමකර තිබු නිවස සේවා වනිතා ශාඛාවේ මුල්‍යමය දායකත්වයෙන් හා 2 වන ස්වේච්ඡා ශ්‍රීලපාහ ඒකකයේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීම් කටයුතු අවසන් කර 2026.01.21 වන දින සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ හා ඒකක අණදෙන නිලධාරි සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදි.