30th May 2023 22:11:47 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා 3 වන බළඇණිය 1985.12.16 දින පාබල හමුදා පවුල වෙත නවතමයෙන් එක්වන ලදී. රණකාමී අතීත මතකයන්ගෙන් පරිපූර්ණ බළඇණියක් සහ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියූ බළඇණියක් ලෙස මාතෘභූමිය රුදුරු ත්රස්තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා දියත් කරන ලද සියලු ක්රියාන්විතයන්ට සක්‍රීය දායකත්වයක් ලබා දෙන ලදී.
27th May 2023 00:03:40 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023.05.26 වන දින රෙජිමේන්තු මුලස්ථාන බළඇණි සංචාරයක නිරත විය. රෙජිමේන්තුවට අයත් බළඇණිවල නිලධාරීන් හා සෙසුනිලයන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලීම සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වූ සියලුම පාලන කටයුතු විධිමත්ව හා ක්‍රමවත්ව සිදු කිරීම පිළිබඳ සොයා බැලීම මෙම සංචාරයේ මූලික පරමාර්ථය විය.
13th May 2023 22:24:04 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම මත 2023.05.13 වන දින ගංගොඩවිල සුනේත්ර මහාදේවී බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය උඩුපුස්සැල්ලායායේ චන්දිම හිමිපාණන් වහන්සේ වැඩම කරවීමෙන් රෙජිමේන්තු ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී කාලීන ධර්ම දේශනා වැඩසටහනක් පවත් වන ලදී.
08th May 2023 20:41:36 Hours
2023.05.05 වන දිනට යෙදී තිබුණු වෙසක් පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව මගින් සුවිශේෂී ආගමික වැඩසටහන් රාශියක් සිදුකරන ලදී.
18th April 2023 19:03:15 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ සංකල්පයක් මත වයස අවුරුදු 55 ක සේවා කාලයකින් පසු විශ්‍රාම යන නිත්‍ය/ස්වේඡා නිලධාරින් හට හා වෛද්‍ය හේතුන් මත නිත්‍යානුකුලව යුද්ධ හමුදාවෙන් අස්ව යන මෙම රෙජිමේන්තුවට අයත් සියලුම නිලධාරින් හට මුල්‍යම තිළිණයක් ලබාදීම සඳහා රෙජිමේන්තු මහකාරක සභාවේ තිරණයක් මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවණීය නිලතල හොබවමින් විශිෂ්ට සේවයක් ඉටුකර යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් නිලධාරීන් වෙත ඔවුන්ගේ විශ්‍රාම දිවියට යම් අත්වැලක් ලෙස මූල්‍යාධාර පිරිනැමීම හා සිදුකළ කාර්යක්ෂම සේවය ඇගයීමකට ළක් කර එම සේවයට ප්රණාම පුදකිරීම 2023.04.18 වන දින මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී සුරතින් සිදුකරන ලදී.
08th April 2023 21:15:46 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ධනූෂා වීරසූරිය මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සේවා වනිතා ශාඛාව වෙතින් පවත්වාගෙන යනු ලබන ගැලන්ට් බේකරිය, ගැලන්ට් යෝගට් හා පානීය ජල බෝතල් ව්‍යාපෘතිය යන ආයතනයන්හි රාජකාරියේ නියුතු පාබල හමුදා සෙබළුන් හා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි රාජකාරියේ නියුතු සියළුම සිවිල් සේවක මහතුන් වෙත සිදුකළ සේවය ඇගයීමක් ලෙස රු:697,500.00 ක මූල්‍ය ප්‍රතිපාදන මත එළබෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් වවුචර්පත් සහ ඇදුම් ප්රදානය කරන ලදී.
07th April 2023 17:19:36 Hours
13 වන සාමසාධක කණ්ඩය ලෙස එක්සත් ජාතීන්ගේ ලෙබනන් සාමසාධක රාජකාරි සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව විසින් නිලධාරී 10 දෙනෙකු හා සෙසුනිළයින් 115 ගෙන් සමන්විත කණ්ඩායම 2022.02.05 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ලෙබනන් රාජ්‍යය බලා පිටත්ව ගිය අතර ඔවුන් ලෙබනන් රාජකාරි නිමාවෙන් පසු 2023 මාර්තු මස 08 දින තම මව් රට වෙත පැමිණෙන ලදී.
07th April 2023 17:17:17 Hours
2022 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලිය සහ පියවරකෝදු තරගාවලිය සදහා සහභාගි වු සියලුම නිලධාරී/ සෙසුනිලයින් හා 2023 වර්ෂයේ සරඹ තරගාවලිය සහ පියවරකෝදු තරගාවලිය සදහා සහභාගි වන නිලධාරී/ සෙසුනිලයින් හට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් ඉතා හරවත් දේශණයක් සිදුකරන ලදී.
07th April 2023 09:06:13 Hours
රෙම ශ්‍රීලපාහ සූර්යමංගල්යය 2023 බක් මස 06 වන දින උදෑසන රසල් හයින් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ජාතික ධජය හා රෙජිමේන්තු ධජය ඔසවා උත්සවත්ශ්‍රීයෙන් ආරම්භ කරන ලද අතර, ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී හා ශ්‍රීලපාහ සේවා වනිතා සංගමයේ ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මැතිනිය සහභාගී විය.
04th April 2023 08:33:35 Hours
ලොව දරුණුම ත්රස්තවාදීන් පරාජය කර මානුෂීය මෙහෙයුමේ දී අසරණ සිවිල් ජනතාව මුදවාගෙන ලොවට දුන් ආදර්ශය සේම යුද්ධයෙන් පසුවත් රටේ මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී ජීවිතයේ සෑම මොහොතක්ම තම රාජකාරියේ කොටසක් සේ සලකා යුද හමුදා සෙබළුන් රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරනුයේ සුවිශාල මෙහෙවරකි. 2023.03.24 වන දින එවන් සත් ක්‍රියාවකට දායකවීමට ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 4 වන ශ්‍රීලපාහ බළඇණියට අයත් නි/65423 මේජර් ආර්එච්එම්එස් රාජකරුණා ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරී හට හැකිවිය.