Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

11th February 2024 06:28:31 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවෙන් මීගොඩ මහාබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් හට පිළිසරණක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ මගපෙන්වීම මත 2024.02.10 වන දින මීගොඩ නඩුහේන ප්‍රදේශයේ පිහිටි මහාබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් වෙත ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගැනීම සඳහා සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ මූල්‍යමය පරිත්‍යාගයෙන් පාසල් උපකරණ හා සනීපාරක්‍ෂක භාණ්ඩ පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් සිදුකරන ලදී.

හෙට දින අනාගතය භාරගැනීමට සූදානමින් සිටින දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවෙන් සිදුකෙරෙන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක තවත් එක් සමාජීය සත්කාරයක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, වැඩසටහන අතරතුරේ දී එහි වෙසෙන දරුවන්ගේ විනෝදාස්වාදය උදෙසා රෙම ශ්‍රීලපාහ කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් සංගීතමය වැඩසටහන් ද ක්‍රියාත්මක කරන ලදී. අනතුරුව ළමුන් වෙත දිවා ආහාර වේලක් ද ලබාදීමට කටයුතු කළ අතර, එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ප්‍රමුඛ සාමාජිකාවන් හා කාර්ය මණ්ඩලය සහභාගී විය.