Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

14th March 2024 18:34:05 Hours

රෙම ශ්‍රීලපාහ නිලධාරී පුහුණු දිනය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් නිලධාරීන් වෙනුවෙන් 2024 වර්ෂය සදහා පවත්වනු ලබන පුහුණු දින වැඩ සටහනේ ප්‍රථම අදියර සනිටුහන් කරමින් යුද හමුදා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාව, යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා වත්මන් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පූර්ණ මාර්ගෝපදේශණයෙන් සහ සහභාගිත්වයෙන් වර්ෂ 2024 ක් වූ මාර්තු මස 13 වන බදාදා දිනය පුරා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදී.

මෙම පුහුණු දිනය සඳහා බළඇණි අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන් හා යුද්ධ හමුදාවේ නොයෙකුත් ස්ථානයන්හි රාජකාරී කරනු ලබන ජ්‍යේෂ්ඨ හා කණිෂ්ට නිලධාරීන් 100 ක් පමණ සහභාගී වූ අතර, පුහුණු දින වැඩසටහන උදෑසන ශාරීරික අභ්‍යාස සිදු කිරීමෙන් ආරම්භ කරන ලදී. අනතුරුව සහභාගිවූ නිලධාරීන් සියළුම දෙනා රෙජිමේන්තු සරඹ භූමියේදී සරඹ පුහුණුවීම් සිදුකර රෙජිමේන්තු දේශනශාලාවේදී යුද සේවා ලේකම් ශාඛාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු විසින් සිදුකළ "Officers Career Progression" දේශනයට හා යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් සිදුකරන ලද "Strength Management System", "Weapon Management System" යන දේශන සඳහා සහභාගී වූහ. ඉන්පසු නිලධාරීන්ගේ සුහදත්වය වර්ධණය කිරීම සඳහා එදින සන්ධ්‍යාවේදී රසල් හයින් ක්‍රීඩා පිටියේ පැවති ක්‍රිකට් තරඟාවලියෙන් පසු රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී ආරාධිත දේශකයෙකු වශයෙන් පැමිණි දැනට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව එහි ප්‍රතිපත්ති හා ආරක්‍ෂක විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන අසීෆ් ෆුවාඩ් මහතා විසින් සිදුකළ කාලෝචිත විශේෂ දේශනයට සියලුම නිලධාරීන් සහභාගී විය.

නිලධාරී පුහුණු දිනයේ සමාප්තියට එලඹෙමින් රෙජිමේන්තු අධිපති විසින් ආරාධිත දේශක වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, එදින වැඩසටහනට සහභාගි වු සියළුම නිලධාරීන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහක් පවත්වා සාර්ථක පුහුණු දිනයක් නිමාකරන ලදී.