Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st March 2024 14:31:59 Hours

2024 ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කඹ ඇදීමේ ශූරතා තරඟාවලියේ අනුශූරතාවය හිමිකරගැනීමට රෙම ශ්‍රීලපාහ කඹ කණ්ඩායම සමත්වෙයි...

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කඹ ඇඳීමේ ශූරතා තරඟාවලිය 2024.02.28 සහ 29 යන දිනයන් තුළ රෙම ශ්‍රීලපාහ රසල් හයින් ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

රෙජිමේන්තු අතර කරට කර පැවති උණුසුම් තරඟ වට කිහිපයකින් පසු (කි.ග්‍රෑ. 560) බර පන්තියෙන් තරඟ වැදුනු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු කඹ ඇදීමේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු කඹ ඇදීමේ කණ්ඩායම අවසන් වටය දක්වා පැමිණෙන ලදී. දෙපිරිස අතර පැවති උණුසුම් තරඟයකින් පසුව තරඟාවලියේ අනුශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා පාබල හමුදා කඹ ඇදීමේ කණ්ඩායම සමත් වූ අතර, අවසන් මහා තරඟාවලිය නැරඹීම සඳහා ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර ඇතුළු යුද්ධ හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය.

හිමිකරගත් මෙම ජයග්‍රහණය වෙනුවෙන් පාබල හමුදා රෙජිමේන්තුවේ ජයග්‍රාහී ජවසම්පන්න ක්‍රීඩකයින් වෙත රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලයින්ගේ හදපිරි සුබපැතුම් මෙලෙස එක්කරන්නෙමු.