28th March 2023 07:01:33 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා සංගමයේ මහ සභා රැස්වීම ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු නිලධාරී නිවස්න පරිශ්‍රයේ දී පවත්වන ලදී.
26th March 2023 18:45:51 Hours
නායකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පාබල හමුදා සංගමය වර්තමානය වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉපැරණීම වර්ෂ 1945 දෙසැම්බර් මස 17 වන දින ශ්‍රීමත් ජෙනරාල් සර් ජෝන් කොතලාවල මැතිතුගේ හමුදා සංගමය වන අතර, එහි වාර්ෂික සමුළුව 2023 මාර්තු මස 25 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී විශ්‍රාමික නිලධාරීන් ඇතුළු එහි සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
13th March 2023 09:38:35 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී විරසූරිය ආර්ඩ්බ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් සිදුකරනු ලබන රණවිරුවන් වෙත නිවාස ඉදිකර දීමේ ප්‍රජාසත්කාර වැඩසටහනේ තවත් එක් පියවරක් සනිටුහන් කරමින් රණක්ෂිතයට පත් රණවිරුවෙකු වෙත නව නිවසක් ප්රදානය කිරීම 2023.03.12 වන දින සිදුකෙරිණි.
10th March 2023 07:57:57 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත රෙම ශ්‍රීලපාහට අයත් සියලුම ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා නිලධාරීන්ගේ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීමේ හා ආයතනික කර්යක්ෂමතාවය ඔප්නැංවීමේ අරමුණින් 2023.03.08 වන දින නිලධාරී නිවස්නයේ දී අන්තර් මහාද්වීපික මානව සම්පත් කළමනාකරණ ආයතනයේ (IIHRM) අධ්යක්ෂ - ප්‍රධාන උපදේශක රංජීව කුලතුංග මහතා විසින් දේශනයක් පවත්වන ලදී.
08th March 2023 00:08:09 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් 6 වන ශ්‍රීලපාහ බළඇණිය පිහිටි මිහින්තලේ කඳවුර වෙත මෙතෙක් මහත් අඩුපාඩුවක්ව පැවති සෙබළුන්ගේ පිරිසිදු පානීය ජල ගැටළුව නිමාවට පත්කරමින් කඳවුරු භූමිය තුළ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීම 2023.03.06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සුරතින් සෙබළ අයිතියට පත්කරන ලදී.
06th March 2023 23:37:21 Hours
යුද හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබීමේ තරඟාවලිය සාර්තකව ජයග්‍රහනය කිරීම සඳහා කණ්ඩායම් සූදානම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බළඇණි අතර පවත්වනු ලබන අන්තර් බළඇණි සංග්‍රාමික වෙඩිතැබීම් තරඟාවලිය, 2023 මාර්තු මස 01 වන දින සිට 03 වන දින දක්වා මුල්ලියාවේලි කරන්චි වෙඩි පිටියේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
15th February 2023 23:35:21 Hours
ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මහත්මියගේ මගපෙන්වීම මත 2023.02.15 වන දින අත්තිඩිය මිහිදු සෙත් මැදුරෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන් 36 දෙනෙකුගේ සුවදුක් විමසීමේ සංචාරයක නියලෙන ලදී. එහි දී එම නේවාසික රණවිරුවන් වෙනුවෙන් කෙටි ආහාර හා තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමට කටයුතු කළ අතර, ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා අගල් 32 (LED) වර්ණ රූපවාහිනී යන්ත්‍රයක් ද පරිත්‍යාග කෙරිණි. මෙම සංචාරය සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු රෙම ශ්‍රීලපාහ සේවා වනිතා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී විය.
13th February 2023 19:08:58 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මහත්මියගේ මගපෙන්වීම මත 2023.02.11 වන දින මීගොඩ නඩුහේන ප්‍රදේශයේ පිහිටි මහාබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් වෙත ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගැනීම සඳහා පාසල් උපකරණ හා සනීපාරක්ෂක භාණ්ඩ පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් සිදුකරන ලදී.
04th February 2023 17:34:08 Hours
ශ්‍රී ලංකාවට ස්ථීර නිදහස ලැබී වසර 75ක් සපිරෙන ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් ජාතික නිදහස් දිනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති හා සන්නන්ධ සේවා සේනාධිනායක අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2023 පෙබරවාරි මස 04 වැනි දින ගාලුමුවදොර පිටියේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී..
01st February 2023 18:11:29 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති තුමන් වන මේජර් ජෙනරාල් සීඩී විරසූරිය ආර්ඩ්බ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ පූර්ණ නිවාස II වන අධියර යටතේ රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් 19 ශ්‍රීලපාහ ඒකකය සමගින් රාජකාරි කරනු ලබන සෙ/328890 ලාකෝ ජයතිලක ඩබ්ලිව්ජී සහ එම කොනොනිගේ බිරිඳ ඇතුළු දූ දරුවන් දෙදෙනා හට 19 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කරන නි/65035 ලුතිනන් කර්නල් කේ අසංක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ මග පෙන්විම යටතේ ඒකකයේ අනෙකුත් සියළුම අයවළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් හා ඉමහත් කැපවීමෙන් ඉදිකර අවසන් කරනු ලැබූ පූර්ණ නිවස තත් කොනොනි හට 2023.01.30 වන දින සර්ව ආගමික වතාවත් වලට සහ සංස්කෘතික අංගයන්ට මුල් තැන දෙමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වන කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන්ගේ ආරාධනයෙන් රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ධනූෂා වීරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කර භාරදෙන ලදී.