Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

18th January 2024 20:49:06 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ 13 වැනි සභාපතිතුමිය ලෙස අභිනවයෙන් පත්වූ වජිරා පෙරේරා මහත්මිය

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ 13 වැනි ගරු සභාපතිතුමිය ලෙස අභිනවයෙන් පත්වූ වජිරා පෙරේරා මහත්මිය 2024 ජනවාරි 16 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවාවනිතා කාර්යාලයේදී සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.

පාබල හමුදා සේවාවනිතා ශාඛාව මගින් මෙතෙක් සිදුකළ රණවිරු සුබසාධන වැඩසටහන්වලදී සේවාවනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවක් ලෙස තම දායකත්වය හා උපදේශකත්වය උපරිමයෙන් ලබාදෙමින් තම කාර්යභාරය මැනවින් ඉටුකළ වජිරා පෙරේරා මහත්මිය ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ඉදිරියේදී සිදුකිරීමට නියමිත රණවිරු සුබසාධන කටයුතු හා සුබසාධන ව්‍යෘපෘති කාර්යක්ෂමව සිදුකළ යුතු ආකාරය පිළිබඳව එහි ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් සමග සුහද පිළිසඳරක නිරතවන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා රෙජිමේන්තු අධිපති ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සේවාවනිතා ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් හා කාර්යමණ්ඩලයේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.