Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

13th January 2024 18:52:53 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් කේඑල්එස්එස් ලියනගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී

වසර 33 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් කේඑල්එස්එස් ලියනගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීම හා විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 ජනවාරි මස 12 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී යුද්ධ හමුදා මූලස්ථානයේ හා විවිධ සේනාංක හා බලසේනා මූලස්ථානයන්හි ක්‍රියාන්විත, පාලන, භකාස කාර්යන්හි උසස් තනතුරු රැසක් හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන්ගේ විශිෂ්ට සේවය ලබාදී ඇත. එදින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත යුද හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් හා උත්කර්ෂවත් සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කළ අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලදී. එහිදී සියලුම නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටි අතර, කොනොනි සමාජශාලාව තුළ පිළියෙල කරන ලද සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වී තම සහෝදර නිලධාරීන් හා සෙසුනිලයන් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී. විශ්‍රාම දිවියට පා තැබූ තත් ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවය සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු මාණ්ඩලික නිලධාරින්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

විශ්‍රාම දිවියට පාතැබූ මේජර් ජෙනරාල් කේඑල්එස්එස් ලියනගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී තුමනි! ඔබගේ විශ්‍රාම දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුලු සියලුම නිලයින් මෙසේ සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.