20th October 2019 12:29:50 Hours
ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට වසර 33 ක් තම ජිවිතකාලය කැපකොට අනගිභවනීය සේවයක් ඉටුකරන ලද බ්‍රිගේඩියර් එචිඩිජි රණසිංහ යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් යුද්ධ හමුදා දිවියට සමුදීමේ උත්සවය රෙජිමේන්තු සම්ප්‍රදායානුකුලව 2019.10.19 වන දින ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.
20th June 2019 16:01:56 Hours
ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට වසර 31 ක් තම ජිවිතකාලය කැපකොට අනගිභවනීය සේවයක් ඉටුකරන ලද බ්‍රිගේඩියර් එච්එම්ඩව්ලිව්කේ හේරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා දිවියට සමුදීමේ උත්සවය රෙජිමේන්තු සම්ප්‍රදායානුකුලව 2019.06.20 වන දින ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.
08th April 2019 17:03:51 Hours
4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් අයීආර් හේවාපතිරන ආර්එස්පී පීඑස්සී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ නිලධාරි/ සෙසුනිලයින්ගේ දායකත්වයෙන් කායවර්ධන ව්‍යායාම් කට්ටල ප්‍රධානය කිරිමේ උත්සවය හා සුහද හමුව ඉතා උත්කර්ෂවත් අන්දමින් 2019.03.29 දින දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණ භූමියේදි පවත්වන ලදී.
29th March 2019 23:24:37 Hours
ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට වසර 33 ක් තමන්ගේ ජීවිතකාලය කැපකොට අනගිභවනීය සේවයක් ඉටුකරන ලද බ්‍රිගේඩියර් ජේ තන්තිරිවත්ත ආර්ඩබ්ලිව්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා දිවියට සමුදීමේ විශ්‍රාමික උත්සවය රෙජිමේන්තු සම්ප්‍රදායානුකුලව 2019.03.26 වන දින ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.
29th March 2019 23:18:07 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සේවයෙහි නියතු නිලධාරි/ සෙසුනිලයින්ගේ හදිසි මුදල් අවශ්‍යතා සඳහා ඉහළ පොලී ප්‍රතිශතයන් යටතේ විවිධ ආයතන/ පුද්ගලයන් වෙතින් මුදල් ලබාගැනිමේදි සිදුවන ආර්ථික හා වෙනත් අපහසුතා මගහරවා ගැනිමේ අරමුණින් වර්ෂ 2013 දී එවකට රෙජිමේන්තු අධිපති ජෙනරාල් ආර්එම්ඩී රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව රෙම ශ්‍රීලපාහ "උදාරයි ඔබ ණය යෝජනා ක්‍රමය" ආරම්භ කරන ලදී.
26th March 2019 11:20:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රිඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබු 54 වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මාර්ග ධාවන තරගය 2019 මාර්තු මස 24 වන දින ගාල්ල නාගොඩ මංසන්දියේදි අරම්භ විය. මෙම මාර්ග ධාවන තරගය සඳහා රෙජිමේන්තු 14 ක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 100 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගිවිය. සමස්ත තරගයෙහිදි ක්‍රිඩකයින් හට නාගොඩ මංසන්දියේ සිට හික්කඩුව සුමංගල විද්‍යාලය දක්වා කීලෝමිටර් 21 ක දුරක් ධාවනය කිරිමට සිදු විය.
15th January 2019 16:56:10 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම අනුව ශ්‍රීලපාහ බළඇණි සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන භෝජනාගාර සේවක මහතුන්ගේ වෘත්තිය දැනුම, ප්‍රායෝගික දැනුම හා ගුණාත්මක භාවය ඉහල නැංවිම සදහා පුහුණු වැඩමුළුවක් වර්ෂ 2019 ජනවාරි මස 15 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පවත්වනු ලැබිය.
04th January 2019 09:01:54 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනව සේනවිධායක වශයෙන් පත්විම් ලද කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වර්ෂ 2019 ක්වු ජනවාරි මස 02 දින පෙරවරුවේ යෙදුනු සුභ මොහොතින් සිය ධුරයේ රාජකාරීන් ආරම්භ කරන ලදී.
04th January 2019 08:56:35 Hours
යුද්ධ හමුදා එල්ලේ කමිටුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් රෙජිමේන්තු එල්ලේ තරගාවලිය වර්ෂ 2018 දෙසැම්බර් මස 27 දින සිට 31 දින දක්වා සාලියපුර ගජබා රෙජිමේන්තු ක්රිඩාපිටියේදී පවත්වන ලදී.
02nd January 2019 17:30:06 Hours
ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස අනගිභවනීය සේවයක් ඉටු කල බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි එම තනතුරේ රාජකාරි නිමකොට යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්යක්ෂ ලෙස රාජකාරි භාර ගැනිම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් නික්ම යාම වර්ෂ 2019 ක්වු ජනවාරි මස 01 වන දින පෙරවරුවේ සිදුවිය.