Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

06th June 2023 17:26:11 Hours

''බුද්ධ රෂ්මි" ජාතික පොසොන් කලාපය සඳහා පාබල හමුදා රෙජිමේන්තුවේ දායකත්වය

2023.06.03 වන දිනට යෙදී තිබුණු පොසොන් පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව මගින් සුවිශේෂී ආගමික වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවන ලදී.

“ධර්ම රශ්මි” ජාතික පොසොන් උත්සවයට සමගාමීව හෝමාගම ප්‍රදේශයේ පැවැත්වෙන පොසොන් කලාපය 2023 ජුනි මස 03 දින සිට 05 දින දක්වා පැවැත්වූ අතර, එම ස්ථානයේ පවත්වනු ලබන මහා බත් දන්සල 20000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් රාත්‍රීකාලය පුරාවට පවත්වන ලදී. එම දන්සල වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් අහාර පිළියෙල කිරීම හා දන්සල පවත්වාගෙන යාම මගින් ජාතික පොසොන් උත්සවය සඳහා සුවිශාල දායකත්වය ලබාදෙන ලදී.

තවද පොහෝ දිනට සමගාමීව රෙජිමේන්තු පරිශ්‍රය පහන් කූඩු වලින් ආලෝකමත් කළ අතර සන්ධ්‍යාවේ දී රෙජිමේන්තු විහාරස්ථානය අබියස සියලුම නිලයින්ගේ සහභාගීත්වයෙන් බෝධිපූජා පිංකමක් ද පවත් වන ලදී. මෙම සියලුම වැඩසටහන් රෙජිමේන්තු අධිපති හා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිලයින් විශාල ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව සිදුකරන ලදී.