25th June 2018 18:47:21 Hours
ශ්‍රී ලංකාද්වීපය වෙත ශ්‍රී සද්ධර්මය අනුබුදු මිහිදු මාහිමියන් විසින් වැඩම කරවු පොසොන් පුර පසලොස්වක පුන් පොහෝ දින නිමිති කර ගනිමින් ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි තුෂාරි කුලතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් පුජ්‍යය දොලොස්වල උදිතධීර ස්වාමින් වහන්සේ විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරුවන් වෙත ඔවුන්ගේ ජීවිත වලට මෙම පුන් පොහෝ දිනයන් හී වැදගත්කම හා ඒ අනුව අප ජීවිත හැඩගස්වා ගන්නේ කෙසේද යන්න කාලීන කරුණු කාරණා ගෙනහැර දක්වමින් සුමදුර ධර්මදේශණයක් 2018.06.25 වන දින රෙම ශ්‍රීලපාහ දේශණ ශාලාවේ දී පවත්වන ලදී.
24th May 2018 17:00:44 Hours
ඇමරිකා එක්සත් ජනපදයට අයත් ශිෂ්‍ය භඨ නිලධාරින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2018 මැයි මස 24 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අධ්‍යයන චාරිකාවක නිරත විය. ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී නිලධාරි හා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී තුමන්ලාගේ මගපෙන්විම යටතේ සංවිධානය කරන ලද අධ්‍යයන චාරිකාව සඳහා පැමිණි ශිෂ්‍ය භඨ නිලධාරින් මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉතා උණුසුම්ව පිළිගන්නා ලදී. මෙම ශිෂ්‍ය භඨ නිලධාරින් තිස්වසරක යුද්ධයේදි තම දේශයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට ප්‍රාණදානය දුන් ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් රණවිරුවන් සිහිකරනු වස් ඉදිකර ඇති "අභිමන් මුදුණත" රණවිරු ස්මාරකය සහ ශ්‍රී ලංකාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අතිත මතකයන් ආවර්ජනය කිරීම සඳහා ඉදිකර ඇති කෞතුකාගාරයද නරඹන ලදී.
02nd May 2018 15:19:15 Hours
12th April 2018 20:47:11 Hours
05th April 2018 11:37:02 Hours
26th March 2018 16:33:12 Hours
23rd March 2018 12:36:33 Hours
14th March 2018 15:41:49 Hours
වසර 37 ක අඛණ්ඩ යුද හමුදා සේවයක් සපුරමින් යුද්ධ හමුදාවට නිවැරදි නායකත්වයක් ලබාදෙමින් අභිමානවත් සේවයක් නිමාකර යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන අභිත සෙන්පති, යුද හමුදා මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී 2018.03.13 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණෙන ලදී. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සිප්සතර හදාරා වර්ෂ 1981.10.16 වන දින කෙඩෙට් නිලධාරි යෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැදි 1984.01.14 දින 2/ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව 1984.02.10 වන දින ඛණ්ඩ භාර නිලධාරියෙකු වශයෙන් 1 ශ්‍රීලපාහ ඒකකයට ඇතුලත් වන ලදී.
09th March 2018 08:36:36 Hours
01st March 2018 19:22:49 Hours