Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

04th February 2023 17:34:08 Hours

75 වැනි ජාතික නිදහස් දින සැමරුමට අභිමානයෙන් දායක වූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව

ශ්‍රී ලංකාවට ස්ථීර නිදහස ලැබී වසර 75ක් සපිරෙන ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් ජාතික නිදහස් දිනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති හා සන්නන්ධ සේවා සේනාධිනායක අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2023 පෙබරවාරි මස 04 වැනි දින ගාලුමුවදොර පිටියේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණවලින් පිදුම් ලත් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සිය මංගල වස්තුව වන නව වැනි කණ්ඩුල හස්ථියා ද සමඟින් අභිමානයෙන් යුතුව සහභාගී විය. 75 වැනි ජාතික නිදහස් දින උත්සවය සඳහා තම දායකත්වය සපයමින් නිදහස් දින පෙළපාලිය සඳහා නිලධාරීන් 03 ක් සහ බලලත් නිලධාරීන්, ජ්‍යේකොනොනින් ඇතුළු සෙසුනිලයින් 74 දෙනෙකු සහභාගී වූ අතර, පෙළපාලියේ අණදෙන්නා ලෙස මේජර් ඩීජීඑම්එම් සඳරුවන් ශ්‍රීලපාහ සහභාගී වූ අතර, රෙජිමේන්තු සැරයන් මේජර් බලලත් නිලධාරී 1 ජීවී කුමාර හා රෙජිමේන්තු සරඹ උපදේශක බලලත් නිලධාරී 1 වයිආර්ආර්එස් බණ්ඩාර සහභාගී විය.

නිදහස් දින පෙළපාලිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීමෙන් හා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.