Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st February 2023 18:11:29 Hours

14vir@army.lk

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති තුමන් වන මේජර් ජෙනරාල් සීඩී විරසූරිය ආර්ඩ්බ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ පූර්ණ නිවාස II වන අධියර යටතේ රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් 19 ශ්‍රීලපාහ ඒකකය සමගින් රාජකාරි කරනු ලබන සෙ/328890 ලාකෝ ජයතිලක ඩබ්ලිව්ජී සහ එම කොනොනිගේ බිරිඳ ඇතුළු දූ දරුවන් දෙදෙනා හට 19 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කරන නි/65035 ලුතිනන් කර්නල් කේ අසංක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ මග පෙන්විම යටතේ ඒකකයේ අනෙකුත් සියළුම අයවළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් හා ඉමහත් කැපවීමෙන් ඉදිකර අවසන් කරනු ලැබූ පූර්ණ නිවස තත් කොනොනි හට 2023.01.30 වන දින සර්ව ආගමික වතාවත් වලට සහ සංස්කෘතික අංගයන්ට මුල් තැන දෙමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වන කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන්ගේ ආරාධනයෙන් රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ධනූෂා වීරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කර භාරදෙන ලදී.

තවද මෙම කොනොනිගේ පවුලේ සියළු දෙනා වෙනුවෙන් ඔවුන් හට ත්‍යාග ප්‍රධානය කිරීම සහ එම නිවාසය ඉදිකර ගැනීම සඳහා ශ්‍රම දායකත්වය සපයන ලද එම ඒකකයේ සෙනීන් හට ත්‍යාග ප්‍රධානය කරමින් නිවස ඉදිකර ගැනීම සඳහා දැක්වූ සහයෝගය අගය කිරීමටද, රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය කටයුතු කරන ලදී.