Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st December 2022 15:43:31 Hours

රෙජිමේන්තු අධිපතිගේ භටපිරිස් ඇමතීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා වත්මන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බළඇණිවල භටපිරිස් ඇමතීම වෙනුවෙන් 2022.11.19 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි හා 53 වන පාබල සේනාංක මූලස්ථානයෙහි සංචාරයක නිරත වන ලදී.

ප්‍රථමයෙන් ආසේමූ - වන්නි වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා රෙජිමේන්තු අධිපති එහි සම්මන්ත්‍රණ ශාලාවේ දී භටපිරිස් ඇමතීම සිදුකළ අතර, එහි පිළිගැනීමේ කථාව 24 ශ්‍රීලපාහ බළඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එච්බීටී ප්‍රියංකර ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් සිදුකරන ලදී. මෙම දේශනය සඳහා 6 ,7, 9(සෙව්), 10, 11, 12, 14(සෙව්), 16(සෙව්), 17(සෙව්) 20, 23 හා 24 ශ්‍රීලපාහ බළඇණිවල භටපිරිස් විශාල සංඛ්‍යාවක් සහභාගී විය.

අනතුරුව 53 වන පාබල සේනාංකය මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී 4, 5(සෙව්) 15 හා 19 ශ්‍රීලපාහ බළඇණිවල භටපිරිස් ඇමතීම සිදුකළ අතර, එහි පිළිගැනීමේ කථාව 4 ශ්‍රීලපාහ බළඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්ඩීඩීආර් වීරපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් සිදුකරන ලදී. මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී හා ප්‍රමානි 1 ලුතිනන් කර්නල් එච්ආර්ඒජේකේකේ බස්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී විය.