Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

31st January 2023 17:30:09 Hours

රණවිරු හිසට නව සෙවණක්

රෙජිමේන්තු අධිපති තුමාගේ උදාර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ II වන අධියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි. ඒ යටතේ 3 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මුල්‍ය හා ශ්‍රමදායකත්වයෙන් හැමගමදෝව, අයිවල, බිබිල ලිපිනයේ පදිංචි සෙ/320777 ලාකෝ සුරේෂ් කුමාර ඩිඑම්සි යන කොනොනි වෙනුවෙන් ඉදිකල නිවස රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යේෂ්ඨ සමාජික හා 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සුරතින් 2023.01.20 දිනට යෙදුනු සුභ මොහොතින් ප්‍රධානය කරන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා 3 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් එච්එම්ඒඑච්බී හේරත් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී, ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වන ලදී.