Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

13th February 2023 19:08:58 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා සංගමයෙන් මීගෝඩ මහාබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් හට පිළිසරණක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මහත්මියගේ මගපෙන්වීම මත 2023.02.11 වන දින මීගොඩ නඩුහේන ප්‍රදේශයේ පිහිටි මහාබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් වෙත ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගැනීම සඳහා පාසල් උපකරණ හා සනීපාරක්‍ෂක භාණ්ඩ පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් සිදුකරන ලදී.

මෙම වැඩසටහන අතරතුරේ දී එහි වෙසෙන දරුවන්ගේ විනෝදාස්වාදය උදෙසා සංගීතමය වැඩසටහන් ද ක්‍රියාත්මක කළ අතර, මේ සඳහා රෙම ශ්‍රීලපාහ කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් මහත් දායකත්වයක් සැපයී ය. අනතුරුව ළමුන් වෙත දිවා ආහාර වේලක් ද ලබාදීමට කටයුතු කරන ලද අතර, හෙට දින අනාගතය භාරගැනීමට සූදානමින් සිටින දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවෙන් සිදුකෙරෙන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක තවත් එක් සමාජීය සත්කාරයක් මෙලෙස අවසන් විය.

එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ප්‍රමුඛ එහි ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.