Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th November 2022 17:36:45 Hours

අංග සම්පූර්ණ නව නිවසක් ඉදිකර දීම

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක් ක්‍රියාවට නංවන ලදි. ඒ අනුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ උපදෙස් පරිදි සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ මඟපෙන්වීම යටතේ සේවා වනිතා ශාඛාව වෙතින් මුදල් වැයකර 15 ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රමදායකත්වය ඇතිව නො:109/118, අරමංගොඩ, හේනේගම, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 15 ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/331795 පාසෙ මදුෂංඛ පීඒජී (මියගිය) යන සෙනීගේ ලඟම ඥාතියා වෙනුවෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ නව නිවස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් 2022.11.14 වන දින 1101 පැයට යෙදී තිබූ සුභ මොහොතින් විවෘත කරන ලදි. එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් සහ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී වන ලදී.