26th September 2018 18:27:12 Hours
තරඟකාරිත්වය තුලින් කාර්යක්ෂමතාවය හා පලදායිතාවය ඇතිකර එමගින් වඩා සාර්ථක බළඇණි බිහිකිරිමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ක්රීයාත්මක කරනු ලබන හොඳම බළඇණිය තේරිමේ පාලන පරික්ෂාව 2018.09.19 වන දින 9 (සෙව්) ශ්‍රීලපාහ හා 4 ශ්‍රීලපාහ ඒකක කේන්ද්‍ර කරගනිමින්ද 2018.09.20 දින 8 ශ්‍රීලපාහ හා 2018.09.21 දින 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකක පරික්ෂාවට ලක් කරමින් අරම්භ කල අතර, මෙම පාලන පරික්ෂාව සඳහා 2017
28th August 2018 14:12:28 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධබල මණ්ඩලයේ මෙහෙයවිමෙන් පනාගොඩ ශ්‍රී මහ බෝධිරාජාරාම විහරස්ථානයේ පවත්වන මාසික පොහෝ දින සීලභවනා වැඩසටහන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ පුර්ණ සංවිධානයෙන් හා ගජබා රෙජිමේන්තු භඨපිරිස් සහභාගිත්වයෙන් 2018 අගෝස්තු මස 25 වන දින ශ්‍රී මහ බෝධිරාජාරාම විහරස්ථාන භූමියේදි උදෑසන සිට සවස් කාලය දක්වා ඉතා සාර්ථකව පවත්වන ලදී.
23rd July 2018 13:11:03 Hours
ශ්‍රී ලංකා යුද හමුදා ඒකකය වෙතින් වාර්ෂිකව ලබාදෙනු ලබන රෝහල් සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි තුෂාරි කුලතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් දේශයේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරිභාවය හා සාමය උදාකරලීම උදෙසා කුරිරු ත්රස්තවාදීන් සමග සටන් වැද පුර්ණකාලීන ආබාධිත තත්වයට පත් එම රණවිරුවන් දිවි ඇති තුරුවම රැකබලා ගැනිම සඳහා අනුරාධපුර පිහිටි අභිමංසල සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් 40 දෙනෙකුගේ සුවදුක් සහ වත්මන් තත්වය පිළිබඳ සොයාබැලිම සඳහා සංචාරයක නිරත වන ලදී.
25th June 2018 18:47:21 Hours
ශ්‍රී ලංකාද්වීපය වෙත ශ්‍රී සද්ධර්මය අනුබුදු මිහිදු මාහිමියන් විසින් වැඩම කරවු පොසොන් පුර පසලොස්වක පුන් පොහෝ දින නිමිති කර ගනිමින් ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි තුෂාරි කුලතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් පුජ්‍යය දොලොස්වල උදිතධීර ස්වාමින් වහන්සේ විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරුවන් වෙත ඔවුන්ගේ ජීවිත වලට මෙම පුන් පොහෝ දිනයන් හී වැදගත්කම හා ඒ අනුව අප ජීවිත හැඩගස්වා ගන්නේ කෙසේද යන්න කාලීන කරුණු කාරණා ගෙනහැර දක්වමින් සුමදුර ධර්මදේශණයක් 2018.06.25 වන දින රෙම ශ්‍රීලපාහ දේශණ ශාලාවේ දී පවත්වන ලදී.
24th May 2018 17:00:44 Hours
ඇමරිකා එක්සත් ජනපදයට අයත් ශිෂ්‍ය භඨ නිලධාරින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2018 මැයි මස 24 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අධ්‍යයන චාරිකාවක නිරත විය. ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී නිලධාරි හා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී තුමන්ලාගේ මගපෙන්විම යටතේ සංවිධානය කරන ලද අධ්‍යයන චාරිකාව සඳහා පැමිණි ශිෂ්‍ය භඨ නිලධාරින් මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉතා උණුසුම්ව පිළිගන්නා ලදී. මෙම ශිෂ්‍ය භඨ නිලධාරින් තිස්වසරක යුද්ධයේදි තම දේශයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට ප්‍රාණදානය දුන් ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් රණවිරුවන් සිහිකරනු වස් ඉදිකර ඇති "අභිමන් මුදුණත" රණවිරු ස්මාරකය සහ ශ්‍රී ලංකාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අතිත මතකයන් ආවර්ජනය කිරීම සඳහා ඉදිකර ඇති කෞතුකාගාරයද නරඹන ලදී.
02nd May 2018 15:19:15 Hours
12th April 2018 20:47:11 Hours
05th April 2018 11:37:02 Hours
26th March 2018 16:33:12 Hours
23rd March 2018 12:36:33 Hours