Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

04th July 2022 07:38:03 Hours

2022 වසරේ සමස්ත ශූරතාවය සමඟින් වසර හයක පැරා මලල ක්‍රීඩා කිරුළ රැකගත් රෙජිමූබ ශ්‍රීලපාහ ක්‍රීඩා ශූරයෝ

ජාතික පැරා ක්‍රීඩා කමිටුව මඟින් සංවිධානය කරනු ලබන ජාතික පැරා මලල ක්‍රීඩා තරඟාවළිය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා කණ්ඩායම් 28 ක සහභාගීත්වයෙන් 2022.06.28 සහ 29 යන දෙදින තුළ සුගතදාස ක්‍රීඩාංගනයේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. තරඟාවළිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන බළඇණි ක්‍රීඩා කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වමින් සියලු කණ්ඩායම් අභිබවා පදක්කම් 33ක් සමඟින් සමස්ත තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ අතර, එහිදී රන් පදක්කම් - 14 ක්, රිදී පදක්කම් - 13 හා ලෝකඩ පදක්කම් - 06 ක් හිමිකරගත් රෙජිමූබ ශ්‍රීලපාහ ක්‍රීඩා කණ්ඩායම් සාමාජිකයින් හට නොකඩවා හයවන වරටත් ජාතික පැරා මලල ක්‍රීඩා කිරුළ ආරක්ෂා කරගැනීමට හැකිවිය.

මෙම ජයග්‍රහනය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හා රෙජිමේන්තු මධ්‍යස්ථාන‍ සේනාවිධායක බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම රෙජිමේන්තු මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්ඒඑන් සමරනායක ශ්‍රීලපාහ යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ දිරිගැන්වීම් හා මගපෙන්වීම් මත හිමිකර ගැනීමට හැකි වූ අතර, මෙම සුවිශේෂී ජයග්‍රහණය ජාතික පැරා මලල ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු නොඅනුමානය.