Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th January 2022 16:50:38 Hours

රණක්ෂිතයට පත් රණවිරුවන් උදෙසා මෙරට ඉදිවූ ප්‍රථම පුස්තකාලය රණවිරු සුරතට පත් කිරීම.

ආර්යා පදනමේ සංකල්පයකට අනුව එම පදනමේ ප්‍රධාන මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන බලඇණිය බූස්ස කදවුරේ මූල්‍යමය හා ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ පුස්ථකාල ගොඩනැගිල්ල එම කඳවුරේ රාජකාරි කරන ලද රණක්‍ෂිතයට පත් නිලධාරි/ සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය සඳහා සහ ඔවුන්ගේ ආධ්‍යාත්මික සහ මානසික සුවතාවයන් තවදුරටත් පවත්වා තබා ගැනීම සඳහාත් 2021 දෙසැම්බර් මස 30 වන දින උදෑසන 10.12 ට යෙදුනු සුබ මොහොතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ සුරතින් විවෘත කරන ලදී. එම අවස්ථාවට ආර්යා පදනමේ විධායක අධ්‍යක්‍ෂකවරුන් වන හිටපු ආරක්‍ෂක ලේකම් හා හිටපු යුද්ධ හමුදාධිපති (විශ්‍රාමික) ජෙනරාල් එච්එස්එච් කෝට්ටෙගොඩ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී හා හිටපු යුද්ධ හමුදාධිපති (විශ්‍රාමික) ජෙනරාල් ආර්එම්ඩී රත්නායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීන්ද සහභාගී වන ලදී. එම උත්සව අවස්ථාවේදී පැමිණ සිටි ආර්යා පදනමේ සාමාජික විද්වත් මණ්ඩලයක් විසින් උත්සව සභාව අමතමින් ඉතා හරවත් දේශණ කිහිපයක් පවත්වන ලදී. තවද මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරි, රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එස්ඒඑන් සමරනායක ශ්‍රීලපාහ, විශ්‍රාමික නිලධාරින් හා ආර්යා පදනමේ විද්වතුන් සහ කලාකරුවන් පිරිසක් සහභාගි වන ලදී.