Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

02nd November 2022 17:00:34 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත නවතමයෙන් හඳුන්වාදෙනු ලබන ඊ බිල්පත් කළමනාකරණ පද්ධතිය

යුද්ධ හමුදාව තුළ දිනපතා සිදුකෙරෙන බිල්පත් නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය නවතාලමින් ඒ සඳහා නවීන තාක්ෂණයට අනුව ජාලගත ඊ බිල් කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීම 2022.10.25 වන දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ගෞරවනීය ආරාධනයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීතුමන්ගේ සුරතින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී සිදුකෙරිණ.

මෙම මෘදුකාංග පද්ධතිය ස්ථාපනය කිරීම තුළින් දෛනිකව නිකුත් කරනු ලබන බිල්පත් වල වටිනාකම නිවැරදි ලෙස ගණනය කිරීමට හැකිවීම, තොග තත්වයන් නඩත්තු කිරීමේ හා ගණනය කිරීමේ කාර්යයන් කාර්යක්ෂමව කළමනාකරණය කරගැනීම මෙන්ම මේ සියලු කටයුතු සඳහා ප්‍රායෝගිකව වැයවන කාලය විශාල ලෙස අඩු කරගැනීම, ජංගම දුරකථන යෙදවුමක් මගින් නිලධාරී නිවස්නයේ භාණ්ඩ හා සේවා ඇණවුම් කිරීම සහ බිල්පත් පරික්ෂා කිරීම ආදී පහසුකම් රැසක් මෙම මෘදුකාංග පද්ධතිය මගින් ලබාගැනීමට හැකියාව ලැබේ.

යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් සහ අධීක්‍ෂණය මත තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තාක්‍ෂණික විශේෂඥයින් විසින් මෙම නව තොරතුරු තාක්‍ෂණ යෙදවුම් පද්ධතිය නිර්මාණය කරන ලදී.

මෙම ඊ බිල් කළමනාකරණ පද්ධතිය හඳුන්වාදීමේ අවස්ථාව වෙනුවෙන් යුද්ධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් රැසක් සහභාගී විය.