02nd November 2022 17:00:34 Hours
යුද්ධ හමුදාව තුළ දිනපතා සිදුකෙරෙන බිල්පත් නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය නවතාලමින් ඒ සඳහා නවීන තාක්ෂණයට අනුව ජාලගත ඊ බිල් කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීම 2022.10.25 වන දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ගෞරවනීය ආරාධනයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීතුමන්ගේ සුරතින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී සිදුකෙරිණ.
20th September 2022 19:28:54 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි සහ ඒ යටතෙහි වන බළඇණියන් වෙත මනා නායකත්වයක් ලබාදෙමින් රෙජිමේන්තු අධිපතිවරුන් හට ඔවුන්ගේ කාර්යභාරයන් හා රෙජිමේන්තු වගකීම් ඉටුකිරීම සඳහා මහත් පිටුවහලක් වුන බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 2022.09.17 වන දින සිය ධූරයෙන් නික්ම යන ලදී.
04th July 2022 07:38:03 Hours
ජාතික පැරා ක්‍රීඩා කමිටුව මඟින් සංවිධානය කරනු ලබන ජාතික පැරා මලල ක්‍රීඩා තරඟාවළිය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා කණ්ඩායම් 28 ක සහභාගීත්වයෙන් 2022.06.28 සහ 29 යන දෙදින තුළ සුගතදාස ක්‍රීඩාංගනයේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
03rd February 2022 07:08:18 Hours
වසර 31 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2022 ජනවාරි මස 29 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.....
20th January 2022 17:56:07 Hours
වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්පිආර් විජේරත්න ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2022 ජනවාරි මස 15 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
20th January 2022 17:09:56 Hours
වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එම්පී ගුණසිංහ ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2022 ජනවාරි මස 02 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී..........
20th January 2022 17:00:23 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පුර්ණ අධික්ෂණය, මඟ පෙන්වීම හා ශ්‍රම දායකත්වය යටතේ ඉංගිරිය පාබල මිටියාවත පරිශ්‍රය තුළ අභිනවයෙන් ඉදිකරන ලද ගැලන්ට් පානිය ජල බෝතල් ව්‍යාපෘතිය යුද්ධ හමුදා නියෝජ්‍ය මණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ සුරතින් 2022.01.12 වන දින විවෘත කර ඉදිරියට පවත්වාගෙන යාම සදහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මැතිණිය වෙත චරිත්රානුකූලව භාරදුන් අතර, එම අවස්ථාව සඳහා මහා කාරක සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්ද සහභාගී වන ලදී.........
20th January 2022 16:50:38 Hours
ආර්යා පදනමේ සංකල්පයකට අනුව එම පදනමේ ප්‍රධාන මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන බලඇණිය බූස්ස කදවුරේ මූල්‍යමය හා ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ පුස්ථකාල ගොඩනැගිල්ල එම කඳවුරේ රාජකාරි කරන ලද රණක්ෂිතයට පත් නිලධාරි/ සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය සඳහා සහ ඔවුන්ගේ ආධ්‍යාත්මික සහ මානසික සුවතාවයන් තවදුරටත් පවත්වා තබා ගැනීම සඳහාත් 2021 දෙසැම්බර් මස 30 වන දින උදෑසන 10.12 ට යෙදුනු සුබ මොහොතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.........
01st January 2022 20:47:23 Hours
මේජර් ජෙනරාල් එස්ආර්එකේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු පීඑස්සී වර්ෂ 1988 ඔක්තෝබර් මස 06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය වෙතින් මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1990 ඔක්තෝබර් මස 05 වන දින දෙවන ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව, ශ්‍රී ලංකා පාබල හමුදාවේ 4 වන බළඇණියට ඇතුළත් විය.
30th August 2021 21:25:12 Hours
වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් කේඑන් පෙරේරා ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2021 අගෝස්තු මස 20 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.