Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

10th June 2023 21:59:41 Hours

රණවිරු පවුලට විරු සවියෙන් නව නිවසක්

රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ, අංක.191/1, ජන සවිමග, ලයිට්පාර, කන්තලේ යන ලිපියේ පදිංචි 15 ශ්‍රීලපාහ බළඇණියට අයත් සෙ/331703 ලාකෝ මධුසංක එස්ඩබ්ලිව් සහ එම කොනොනිගේ බිරිඳ ඇතුළු දූ දරුවන් වෙත නිවසක් තනාදීමේ කටයුතු 15 ශ්‍රීලපාහ බළඇණීයේ අණදෙන නිලධාරී මේජර් එන්සී මාරසිංහ ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම සහ අධීක්ෂණය මත සිදුකරන ලදී. නිවසේ ඉදිකිරීම් කටයුතු බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වය මත සිදුකළ අතර, වැඩ නිමකළ නව නිවස රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ආරාධනයෙන් පැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් 2023.06.10 වන දිනට යෙදුනු සුබ මොහොතින් විවෘත කර නිවැසියන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 22 පාබල සේනාංකාධිපති, 222 පාබල බලසේනාධිපති, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, 223 පාබල බලසේනාධිපති, 22 සේනාංකයේ සෙව් සම්බන්ධිකරණ නිලධාරි, රෙජිමේන්තු මධ්‍යස්ථාන මානි 1 (සෙව්) සම්බන්ධිකරණ නිලධාරි සමගින් 15 ශ්‍රීලපාහ අණදෙන නිලධාරී ප්‍රමුඛ බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූ අතර, රෙජිමේන්තු අධිපති විසින් නිවස ඉදිකිරීම සඳහා දායකත්වය සැපයූ බළඇණී සාමාජිකයින් සියලුම දෙනා වෙත ත්‍යාග පිරිනැමීමද සිදුකරන ලදී.