Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

12th June 2023 18:44:03 Hours

රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරයේ සිව්වන අදියර

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරයෙහි සිව්වන අදියර සනිටුහන් කරමින් 2023 ජුනි මස 08, 09, 10 හා 11යන දිනයන්හිදී 12, 15, 19, 23, 14 යන ශ්‍රීලපාහ බළඇණිවල සංචාරයක නිරතවන ලදී.

තම බළඇණි වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති, අණදෙන නිලධාරීන් විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගත් අතර, 15 ශ්‍රීලපාහ බළඇණියේ නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන පිවිසුම් දොරටුව හා බලලත් නිලධාරී හා සැරයන් නිවස්නයේ අමුත්තන්ගේ කාමර විවෘත කිරීම මෙම සංචාරයට සමගාමීව සිදුකිරීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. තවද, බළඇණි වල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව හා ඊට අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබා දුන් අතර, භට පිරිස් අමතමින් පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රාජකාරී කරනු ලබන සියලුම නිලයන් වෙත හමුදා ජීවිතය මෙන්ම සිවිල් ජීවිතය ද සාර්ථක කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ ඉතා හරවත් දේශනයක් සිදුකල අතර, යටපත්වන බළඇණි වල පාලන කටයුතු විධිමත්ව සිදු කල යුතු අකාරයත්, අනෙකුත් බඩු භාණ්ඩ පාලනය පිලිබඳවත් විශේෂ දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

අනතුරුව රෙජිමේන්තු අධිපති විසින් සංචාරය සඳහා එක් වූ නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළසඳරකින් පසුව තම සංචාරය නිමා කළ අතර, මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී විය.