Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

11th June 2023 23:20:43 Hours

රණවිරු පවුලට විරු සවියෙන් නව නිවසක්

රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, අංක.12/141, වලස්ගල, අලුයටවෙල, මහියංගණය. යන ලිපියේ පදිංචි 9 (සෙව්) ශ්‍රීලපාහ බළඇණියට අයත් සෙ/18ඩී00740 ලාකෝ නිමල් ශාන්ත ආර්එම් සහ එම කොනොනිගේ බිරිඳ ඇතුළු දූ දරුවන් වෙත නිවසක් තනාදීමේ කටයුතු 9(සෙව්) ශ්‍රීලපාහ බළඇණීයේ අණදෙන නිලධාරී මේජර් අයිඑම්ජීඑන් ජයතිලක ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම සහ අධීක්ෂණය මත සිදුකරන ලදී. නිවසේ ඉදිකිරීම් කටයුතු බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වය මත සිදුකළ අතර, වැඩ නිමකළ නව නිවස රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ආරාධනයෙන් පැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් 2023.06.11 වන දිනට යෙදුනු සුබ මොහොතින් විවෘත කර නිවැසියන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථාන මානි 1 (සෙව්) සම්බන්ධිකරණ නිලධාරි සමගින් 9(සෙව්) ශ්‍රීලපාහ අණදෙන නිලධාරී ප්‍රමුඛ බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූ අතර, රෙජිමේන්තු අධිපති විසින් නිවස ඉදිකිරීම සඳහා දායකත්වය සැපයූ බළඇණී සාමාජිකයින් සියලුම දෙනා වෙත ත්‍යාග පිරිනැමීමද සිදුකරන ලදී.