Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th June 2023 09:23:00 Hours

නවතමයෙන් විවෘත වූ රෙජිමේන්තු කරණවෑමිහල

රෙජිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක සංවර්ධන සැලැස්මට අනුව රෙජිමේන්තු අධිපතිගේ සංකල්පයක් මත නවතමයෙන් ඉදිකරන ලද රෙජිමේන්තු කරණවෑමිහල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් 2023.06.23 වන දිනට යෙදුනු සුබ මොහොතින් විවෘත කරන ලදී

නවීන කොණ්ඩා කැපීමේ උපකරණ සමගින් නවතමයෙන් ඉදිකරන ලද රෙජිමේන්තු කරණවෑමිහල මඟින් රාජකාරියේ නියුතු සියලුම සෙබලුන් හට තම අවශ්‍යතාවයන් විධිමත්ව සිදුකර ගැනීමට අවස්ථාව සලසාදී ඇති අතර, පලපුරුදු ශිල්පීන් මෙහි කාර්යයෙහි යොදවා ඇති අතර, සෙබළුන්ගේ සියලුම සුබසාධන කටයුතු ඉටුකරදීම හා රෙජිමේන්තුවේ රාජකාරි කටයුතු ක්‍රමවත්ව හා කාර්යක්ෂමව සිදුකිරීමේ පියවරේ එක් අංගයක් ලෙසින් මෙම නව සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පිඑස්පී කුල‍සේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම හා මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් එල්එච්සිආර් සිරිවර්ධන ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලදී. අභිනවයෙන් ඉදිවූ මෙම කරණවෑමිහල විවෘත කිරීමේ උත්සවය සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවට අයත් ජ්‍යෙෂඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, ඇතුලු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගී වූහ