Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th June 2023 12:26:28 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී

වසර 33 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2023 ජුනි මස 23 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 26 වෙනි මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් තනතුරු හොඹවන ලද කාලය තුළ දී නිලධාරීන් හා සෙසුනිලයින්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම වෙනුවෙන් විශිෂ්ට කාර්යභාරයක් ඉටුකර ඇතී ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල අණ හා මාණ්ඩලික නිලධාරි තනතුරු රැසක් හොබවා 521 පාබල බලසේනාවේ බලසේනාධිපති ලෙසද තම රාජකාරි කටයුතු ඉතා මැනවින් ඉටු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මෙතුමන් අවසන්වරට අධ්‍යක්ෂ මානවහිමිකම් හා මානුෂවාදී නීති අධ්‍යක්ෂ මණ්ඩලය වශයෙන් සුවිශේෂී කාර්යක් ඉටුකර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් තම විශිෂ්ඨ සේවය ලබාදී ඇත. රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත යුධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් හා අභිමානවත් සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනැමීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී.

තම විශ්‍රාම යෑමේ අවස්ථාව වෙනුවෙන් මෙවන් අභිමානවත් උත්සවයක් සංවිධානය කළ රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලධාරීන් හා සෙසුනිලයින් හට තම කෘතවේදීත්වය පලකල එතුමන් කොනොනි සමාජශාලාව අසල දී මංගල හස්ථියා හට පලතුරු වලින් සංග්‍රහ කිරීහෙන් පසුව සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී විය. සෙසුනිළයින් හා තම සහෝදර නිලධාරීන් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී. විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුදකිරීම සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී විය. විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමණි ඔබගේ ඉදිරි අනාගතය නිදුක් නිරෝගීමත් සාර්ථක වේවායි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලයින්ගේ කෘතඥතාවය මෙසේ පුද කරන්නෙමු.