Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th June 2023 23:41:49 Hours

යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්හට ගෞරවාන්විතව සමුදුන් ශ්‍රී ලංකා පාබල හමුදාව

පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපළක් වන බ්‍රිගේඩියර් එම්ඒආර් ගුණසේකර ආර්එස්පී හා බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පිරිනමනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහය මාණ්ඩලික ප්‍රධානී හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් මධ්‍යස්ථාන සේනාවිධායකගේ අධීක්ෂණය යටතේ 2023.06.23 වන දින නිලධාරී නිවස්නයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව වෙනුවෙන් වසර 33 කට අධික කාලයක් අනගිභවනීය සේවයක් ඉටුකිරීමෙන් පසු තම යුද හමුදා දිවියෙන් විශ්‍රාම ගන්නා ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට ඔවුන්ගේ ගෞරවණීය සේවයට කෘතවේදීත්වය පුදකිරීම වෙනුවෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු අධිපති ඇතුලු රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී විය. රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේ දී විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ඔවුන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් සමරු තිළණ හා විශේෂ මුල්‍යමය ත්‍යාගයන් ප්‍රදානය කළ අතර, රෙජිමේන්තු අධිපති ඇතුළු පැමිණි සියලුම නිලධාරීන් විසින් ඔවුන්ගේ ඉදිරි අනාගතයට සුබාශිංසන පුදකරන ලදී.