Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

04th June 2023 12:39:04 Hours

පොසොන් පුන් පොහෝ දින ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවෙන් මඤ්ඤොක්කා දන්සලක්

ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 දී පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු විය. ඒ තැන් සිට නිර්මල බුදු දහම පදනම්ව සම්බුද්ධ ශාසනයේ චිරස්ථායී දියුණුව හා නව බෞද්ධ ප‍්‍රබෝධයක් ඇති විය. මෙම සුවිශේෂී ඓතිහාසික දිනය සිහිපත් කරගනිමින් එයට සමගාමීව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර් ඩබ්ලිව්පී ආර් එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මගපෙන්වීම මත සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී.

මෙවර සේවාවනිතා මඤ්ඤොක්කා දන්සල 2023.06.03 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා සිල්වර් බියුගල් ආපන ශාලාව අසල දී පවත්වන ලද අතර, සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය හා රෙජිමේන්තු අධිපති විසින් පස්වරු 1600 පැයේ සිට දන්සල මහජනතාව වෙත විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර් ඩබ්ලිව්පී ආර් එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී සමගින් සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, පාබල හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූ අතර, ප්‍රදේශයේ සහ පිටපළාත් වලින් පොසොන් සිරි නැරඹීම ස`දහා පැමිණි 10000 කට අධික විශාල ජනතාවක් බැති සිතින් මේ සඳහා සහභාගී විය. තවද මෙම කාර්ය සාර්ථක කරගැනීම සඳහා රෙම ශ්‍රීලපාහ බළඇණිවලින් ලබාදුන් සුවිශේෂී දායකත්වය විශේෂයෙන් සඳහන් කළ යුතුය.