Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

22nd September 2023 13:08:45 Hours

2023 ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මලල ක්‍රීඩා තරඟාවලියේ අනු ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලාංකා පාබල හමුදා රෙජිමේන්තුව

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙතින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය 2023 සැප්තැම්බර් මස 19, 20 හා 21 යන දිනයන්වල දී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් මෙම තරඟාවලිය සඳහා සහභාගීවූ ක්‍රීඩකයින් තම ඉසව් ජයග්‍රහණය කරගැනීම සඳහා කරට කර තරඟවැදුනු අතර, එහිදී අනෙකුත් රෙජිමේන්තු පරදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව හා පාබල හමුදා රෙජිමේන්තුව සමස්ත ලකුණු පුවරුවේ ඉහළ අගගයක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ අනුව තරගාවලිය අවසන් දිනය වනවිට ලබාගෙන තිබූ මුළු ලකුණු ප්‍රතිශතය අනුව ලකුණු 286 ක් ලබාගත් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව 2023 ස්වේච්ඡා මලල ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය හිමිකරගත් අතර, ලකුණු 178 ක් ලබාගත් පාබල හමුදා රෙජිමේන්තුව තරඟාවලියේ අනුශූරතාවය හිමිකරගන්නා ලදී. තරගාවලියේ සමප්ති උත්සවය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන වැඩබලන සේනාවිධායක ඇතුලු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි විය.

ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් රෙජිමේන්තු අධිපති ප්‍රමුඛ පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින්ගේ හදපිරි සුබපැතුම් මෙලෙස එක්කරන්නෙමු.