Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

11th January 2024 19:19:39 Hours

"ගැලන්ට්" සුබසාධක වෙළඳ සැළ අභිනවයෙන් විවෘත වූ වගයි...

කුරීරු ත්‍රස්තවාදයට එරෙහිව යුද වැද රට ජාතිය වෙනුවෙන් තම ජීවිත පුදකළ හා රණක්‍ෂිතයටපත් රණවිරුවන් හා විශ්‍රාමික මෙන්ම දැනට සේවයේ නියුතු සියළු නිලයින්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම සඳහා අරමුදල් රැස්කර ගැනීමේ අරමුණින් සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මියගේ සංකල්පයක් මත රෙජිමේන්තුවට අයත් සේවාවනිතා පිටත අවන්හලේ දෙවන මහල නවීකරණය කරමින් ඉදිකරන ලද මෙම ගැලන්ට් සුබසාධක වෙළඳසැළ රෙජිමේන්තු අධිපතිගේ මගපෙන්වීම යටතේ, මධ්‍යස්ථාන සේනාවිධායකගේ අධීක්ෂණය මත පාබල සෙබළුන්ගේ ශ්‍රමදායකත්වයෙන් සිදු කරන ලදී.

මෙම වෙළඳසැලෙහි සියලුම පරිපාලන කටයුතු පාබල හමුදා සෙබළුන් විසින් සිදුකරනු ලබන අතර, දැනට වෙළඳපොලේ පවතින ආහාරපාන වර්ග, පොත්පත්, ලිපිද්‍රව්‍ය, සුවඳ විලවුන්, පවිත්‍රකාරක වැනි දෛනික පාරිභෝගික භාණ්ඩ අලෙවි කරනු ලබයි. මෙම සුබසාධක වෙළඳසැල මගින් තම පාරිභොගියන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රමාදයකින් තොරව කාර්යක්ෂමව සහනදායි මිල ගණන් යටතේ මිළදී ගැනීම සඳහා සියලු පහසුකම් සලසා ඇත.

2024.01.10 වන දිනට යෙදුනු සුබ මොහොතින් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ සුරතින් අභිනවයෙන් විවෘත කරන ලද මෙම අවස්ථාවට සේවාවනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් හා පාබල හමුදා මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මෙන්ම මධ්‍යස්ථාන සේනාවිධායක ප්‍රමුඛ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් හා සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.