Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

13th January 2024 18:49:26 Hours

ලේ දන්දී ජාතික මෙහෙවරට දායකත්වය සැපයූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා සංගමයේ සංවිධානයෙන් සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මිය හා සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන ආයනතයේ වෛද්‍යවරුන් හා හෙද කාර්යමණ්ඩලය විසින් 2024.01.11 වන දින පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ලේ දන්දීමේ පිංකමක් සිදුකරන ලදී.

ශ්‍රී ලංකාද්වීපය කුරිරු ත්‍රස්තවාදයෙන් මුදවා රටතුළ තිරසාර සාමය උදාකරලීමේ ක්‍රියාන්විතවලට හා මානුෂීය මෙහෙයුමට දායකත්වය සපයමින් සිටියදී ලක්මෑණියන් වෙනුවෙන් තම ජීවිත කැපකළ රණවිරුවන්ට පිං පැමිණවීමත්, රණක්ෂිතයටපත් රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් අරමුණුකොටගෙන මෙම ලේ දන්දීමේ ජාතික මෙහෙවර සඳහා පාබල හමුදා රෙජිමේන්තුවේ සාමාජිකයින් තම දායකත්වය සපයන ලදී.

ලේ දන්දීමේ වැඩසටහන සඳහා නිලධාරීන් හා සෙසුනිලයින් 144 දෙනෙකු තම දායකත්වය සැපයූ අතර, සේවාවනිතා සභාපතිතුමිය විසින් මෙම මාහැඟි කාර්යට දැක්වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් පාබල හමුදා රණවිරුවන් වෙත ප්‍රණාම සහතික හා වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය වෙත විශේෂ සමරු තිළිණ ද පිළිගන්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රුවන් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා සෙසුනිලයින් රැසක් සහභාගී විය.