Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

12th October 2023 12:50:49 Hours

යුද්ධ හමුදාවේ හොදම දැනුම සහිත සෙබළා ලෙස කිරුළු පැලඳු පාබල හමුදා කොමිෂන් නොලත් නිලධාරී

යුද්ධ හමුදාධිපතිගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව තුළ රාජකාරි කරනු ලබන සෙබළුන්ගේ කියවීමේ පුරුද්ද වර්ධනය කිරීම, යුද්ධ හමුදා දැනුම වර්ධනය කිරීම හා ඒ තුළින් දැනුමෙන් පොෂිත හමුදා සෙබළුන් බිහිකිරීමේ අරමුණින් 74 වෙනි යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 2023 වසරේ හොඳම හමුදා දැනුම ඇති සෙබළා තෝරාගැනීමේ තරඟයෙන් ප්‍රථමස්ථානය හිමිකරගැනීමට පාබල හමුදා රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් ප්‍රසන්න එස්ඒකේ කොමිෂන් නොලත් නිලධාරී හට හැකි විය.

මෙම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා යුද්ධ හමුදාවට අයත් සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් සෙබළ සෙබළියන් 130 දෙනෙකු සහභාගී වූ අතර, ඒහිදී මූලික ප්‍රශ්න වටයේදී සාර්ථකව ලකුණු ලබාගත් 30 දෙනෙකු දෙවන වටය සඳහා තෝරාගැනින. අදියර 5ක් යටතේ පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා පාබල හමුදා රෙජිමේන්තුව නියෝජනය කරමින් 11 ශ්‍රීලපාහ බළඇණියට අයත් සෙ/330308 කෝප්‍රල් ප්‍රසන්න ඒස්ඒ්කේ කොමිෂන් නොලත් නිලධාරී සහභාගී වූ අතර, තමා වෙත ලැබුණු ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු ලබාදී තෙවන අදියරේ 21 දෙනා අතරට ප්‍රවිශ්ටවීමට වරම් ලබාගන්නා ලදී. 2023.09.13 වන දින යුද්ධ හමදා මූලස්ථානයේ දී පැවති තෙවන අධියරේ දී සිව්වන අදියරේ දක්ෂතම 10 දෙනා අතරට පැමිණීමට වරම් ලබාගන්නා ලද මෙම සෙබළා 2023.10.05 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ ‍පැවති අවසන් තරඟයේදී තම දැනුම තුළින් සියලුම අභියෝගයන්ට මුහුණ දෙමින් 2023 වසරේ හොදම යුද්ධ හමුදා දැනුම ඇති සෙබළා ලෙස කිරුළු පලඳින ලදී.

පාබල හමුදා සෙබළෙකු ලෙස තම රාජකාරි කාලය තුළදී ලබාගත් දැනුමින් යුද්ධ හමුදාවට මෙන්ම පාබල හමුදා රෙජිමේන්තුවට ඉමහත් කීර්තියක් ගෙනදුන් මෙම කොමිෂන් නොලත් නිලධාරීගේ ඉදිරි යුද්ධ හමුදා දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පාබල හමුදා රෙජිමේන්තු අධිපති ඇතුලු සියලුම නිලයන් මෙසේ සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.