Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

02nd January 2026 18:39:56 Hours

යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් හට ගෞරවාන්විතව සමුදුන් ශ්‍රී ලංකා පාබල හමුදාව

නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාමට නියමිත පාබල හමුදා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් ඒඑම්සීපී විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී හා මෑතකාලීනව විශ්‍රාම ලැබූ බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, බ්‍රිගේඩියර් සීඑස් පද්මශාන්ත (විශ්‍රාමික) ආර්එස්පී පීඑස්සී, බ්‍රිගේඩියර් බීජේ ලේකම්ගේ (විශ්‍රාමික) ආර්එස්පී කේඑස්වී, යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් සහභාගීත්වයෙන් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් 2025 දෙසැම්බර් මස 29 වන දින රෙම ශ්‍රීලපාහ නිලධාරී නිවස්නයේදී පවත්වන ලදී‍

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවෙන් ලද පන්නරය තුළින් යුද්ධ හමුදාව වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් අනභිභවනීය සේවයක් ඉටුකිරීමෙන් පසු තම යුද හමුදා දිවියෙන් විශ්‍රාම ගන්නා ලද මෙම ජ්‍යේෂ්ඨ නිලධාරීන් හට ඔවුන්ගේ ගෞරවනීය සේවයට කෘතවේදීත්වය පුදකිරීම අරමුණ ඇතිව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායකගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී විය. රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේ දී විශ්‍රාම යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත සමරු තිළිණ හා විශේෂ මූල්‍යමය ත්‍යාගයන් ප්‍රදානය කළ අතර, රෙජිමේන්තු අධිපති ඇතුළු පැමිණි සියලූම නිලධාරීන් විසින් ඔවුන්ගේ ඉදිරි අනාගතයට සුභාශිංසන පුදකරන ලදී.