27th March 2025 18:07:19 Hours
ආඥාපති ආසේමූ (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අනුශාසකත්වයෙන් හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහාසභා රැස්වීම සහ ලෝක කාන්තා දිනයට සමගාමී වැඩසටහනක් 2025.03.16 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.
18th March 2025 22:17:35 Hours
ඉන්දියාවේ නව දිල්හිදී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සෙ/5ඩි02673 කෝප්රල් ඒකනායක කේජීජී යන කොනොනි විසින් හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් අතර, එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දියානු ජාතික ක්‍රීඩකයා සමත් විය. ඔහුගේ මෙම දක්ෂතාවයන් සමග ශ්‍රී ලංකා පාබල හමුදාවේ කීර්තිය විදෙස් ප්‍රචලිත කිරීමට හැකිවු අතර, රෙජිමේන්තු අධිපති තුමා ඇතුලු සියලුම නිලයන්ගේ ශුභාසිංශන ඔහු වෙත එක්කරමි.
17th March 2025 10:58:01 Hours
අතීතයේ මෙන්ම වර්තමානයේදී ශ්‍රී ලංකා පාබල හමුදාව ක්‍රීඩා දක්ෂතා වලින් යුද්ධ හමුදාව තුළ මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා දක්වා ඇති මොහොතක එම තත්වය තවදුරටත් ඉහළ අගයකට ගෙන ඒමේ පරමාර්ථයෙන් යුතුව රෙජිමේන්තු අධිපති තුමාගේ උදාර සංකල්පයක් මත මධ්‍යස්ථාන සේනවිධායකගේ මගපෙන්වීම යටතේ වසර ගනනාවකට පසු ක්‍රීඩකයින් වෙනුවෙන් මනෝ විද්‍යාත්මක දේශනයක් පවත්වා ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම, දරාගැනීමේ ශක්තිය, මානසික ඒකාග්‍රතාවය හා ඉදිරි ක්‍රියා සැලැසුම් ගැන හරවත් දේශනයක් කපිතන් ඕඩීඑස්කේ රූප ශ්‍රී ශ්‍රීලයුපොදුසේබ විසින් 2025.03.11 වන දින මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්කේඑස්පීඑම්ආර්ඒබී දොඩම්වල පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මනෝවිද්‍යාත්මක දේශනය සඳහා රෙජිමේන්තු ක්‍රීඩා අංශයට අයත් ක්‍රීඩකයින් 216 දෙනෙකු සහභාගි වන ලදි.
03rd March 2025 21:47:02 Hours
වසර 34 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ඒසීජේ වාසගේ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2025 පෙබරවාරි මස 28 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
27th February 2025 12:57:34 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය හා ඒ යටතේ පාලනය වන බළඇණි වෙත මනා නායකත්වයක් ලබාදෙමින් රෙජිමේන්තුවේ අභිවෘද්ධිය උදෙසා ඉමහත් සේවාවක් සිදුකළ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 2025.03.01 වන දින සිය ධූරයෙන් නික්ම යන ලදී.
23rd February 2025 21:16:34 Hours
ආරක්ෂක සේනා ආඥාපති (යාපනය) හා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිණියගේ උපදෙස් මත ගැබිණි මව්වරුන් සඳහා පෝෂ්‍යදායී වියලි සලාක ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
20th February 2025 15:11:44 Hours
7 වන බලඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් යුඩිඑස්ආර් උස්හෙට්ටි පිඑස්සි ශ්‍රිලපාහ ගේ මගපෙන්වීම යටතේ බලඇණිය තුල රාජකාරි කරන කොමිශන් නොලත් නිලධාරින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සදහා 2025 පෙබරවාරි 15 වන දින යාපනය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදි.
20th February 2025 14:58:19 Hours
7 වන බලඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් යුඩිඑස්ආර් උස්හෙට්ටි පිඑස්සි ශ්‍රිලපාහ ගේ මගපෙන්වීම යටතේ බලඇණිය තුල රාජකාරි කරන සිවිල් සේවක කාර්යය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සදහා 2025 ජනවාරි 26 වන දින යාපනය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදි.
18th February 2025 16:18:39 Hours
1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ 32 වන අණදෙන නිලධාරී වශයෙන් නි/65946 මේජර් ඒඑස් රාජරත්න ආර්ඩබිපී ආර්එස්පී යුඑස්පී එල්එස්සී ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වර්ෂ 2025 ක්වූ පෙබරවාරි මස 14 වන දින ඒකකය වෙත පැමිණෙන ලදී. ඒකකය වෙත සපැමිණි නව අණදෙන නිලධාරී තුමන් වෙත කඳවුරු පිවිසුම් අභියස දී සම්මාන මුරයක් පිරිනැමීමෙන් අණතුරුව ඒකක දෙවන අණදෙන නිලධාරී වන මේජර් වීඒඩීජේඩී විතාන ආර්ඩබ්ලිව්පී ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් නව අණදෙන නිලධාරී තුමන්ව අභිමානයෙන් යුතුව පිළිගන්නා ලදී.
14th February 2025 21:44:46 Hours
ආඥාපති ආසේමූ (යාපනය) හා වත්මන් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ හා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත 2025.02.13 වන දින මීගොඩ නඩුහේන ප්‍රදේශයේ පිහිටි මහාබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් වෙත පාසල් උපකරණ හා ඔවුන්ගේ පරිහණය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් සාර්ථකව සිදුකරන ලදී.