21st July 2025 14:54:04 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ට හට නව නිවාස / අර්ධ නිවාස වල වැඩ අවසන් කර දීම සඳහා මෙම රෙජිම සේවා වනිතා ශාඛාව සහ ඒකක වෙතින් මූල්‍යමය හා ශ්‍රම දායකත්වය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතී.
ඒ අනුව තෝරාගත් රණවිරුවන් අතුරින් වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගැන්වු 6 ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/305953 බනි II සරත් කුමාර එච්එම් (විශ්‍රාමික) යන බලලත් නිලධාරීගේ නිවස සේවා වනිතා ශාඛාවේ මුල්‍යමය දායකත්වයෙන් හා 19 ශ්‍රීලපාහ ඒකකයේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරිම් කටයුතු අවසන් කර 2025.07.16 වන දින සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ටීආර් වීරසිංහ ආර්ඩබ්ලිව්පී යුඑස්පී පීඑස්සී ශ්‍රීලපාහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.