Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th August 2023 11:04:04 Hours

යුද්ධ හමුදා එල්ලේ තරඟාවලියේ අනුශූරතාවය පාබල හමුදා එල්ලේ ක්‍රිඩකයින් හිමිකරගනි

යුද්ධ හමුදා එල්ලේ ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කර පවත්වන ලද අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය 2023 අගෝස්තු මස 21 වන දින සිට 25 වන දින දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. එම තරඟාවලිය සඳහා සහභාගී වූ පාබල හමුදා රෙජිමේන්තු එල්ලේ ක්‍රීඩා කණ්ඩායම තරඟාවලියේ අනුශූරතාවය හිමිකරගන්නා ලදී.

තරඟාවලියේ දී පාබල හමුදා එල්ලේ කණ්ඩායම මූලික වටයේ සිට රෙජිමේන්තු 5ක් සමග තරඟ කර එම රෙජිමේන්තු පරාජය කරමින් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබූ අතර, ශ්‍රීලයුසේබ සමග පැවති අවසන් මහා තරඟයේදී පැවති ප්‍රථම වටයේදී ශ්‍රීලපාහ ලකුණු 10ක් ලබාගත් අතර, ශ්‍රීලයුසේබ ලබාගත්තේ ලකුණු 7ක් පමණි. පළමු වටයේ ලකුණු 3ක් සමගින් දෙවැනි වටයේදී ලකුණු 7ක් ලබාගත් ශ්‍රීලපාහ කණ්ඩායම ශ්‍රීලයුසේබ කණ්ඩායමට එරෙහිව මුළු ලකුණු 10ක් ලබාගන්නා ලදී. අනතුරුව පැවති තියුණු තරඟයෙන් පසුව ලකුණු 11ක් ලබාගත් ශ්‍රීලයුසේබ කණ්ඩායම තරගාවලියේ ශුරතාවය හිමිකරගත් අතර, ශ්‍රීලපාහ එල්ලේ කණ්ඩායම විශීෂ්ට තරඟයකින් පසු තරඟාවලියේ අනුශුරතාවය දිනාගන්නා ලදී.

වැඩිම ලකුනු ලබාගත් ක්‍රීඩකයාට හිමි කුසලානය පාසෙ රන්ජන් එමිඩිඑස් විසින් හිමිකරගත් අතර, එල්ලේ ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් කෝප්‍රල් ප්‍රභාත් එම්ඒසීඑන්, පාසෙ දුලංග ආර්ඒඩීඑස්, පාසෙ කුමාර කේඑස්වීආර්, පාසෙ ප්‍රනාන්දු එච්පීඒපී, පාසෙ රන්ජන් එම්ඩීඑස්, පාසෙ පෙරේරා ඩබ්ලිව්ඩීඑම්, පාසෙ පෙරේරා කේඩීඑස්, පාසෙ තාරක එච්ජීආර්, පාසෙ ඉෂාර එම්ඒඩීපී, පාසෙ ප්‍රනාන්දු කේජීසී, පාසෙ මදුශාන් කේඩීටී, පාසෙ කුමාර ටීපීඑස්යූ, පාසෙ ප්‍රියංකර පීඑල්, පාසෙ මාදුවන්ත එල්එච්ඒජේ, පාසෙ ප්‍රනාන්දු ජීඑන්ජී, පාසෙ අසිත පීකේඩීවී, පාසෙ බාලසූරිය ඒඅයිකේ, පාසෙ මදුරංග එන්ඩීපී, පාසෙ දුෂ්මන්ත එස්එම්එස්පී යන ක්‍රීඩකයින් සහභාගි වන ලදී.

හිමිකරගත් මෙම සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ප්‍රමුඛ පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින්ගේ සුබාශිංසන මෙසේ පිරිණමන්නෙමු.