Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th July 2023 00:00:22 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ 12 වැනි සභාපතිතුමිය ලෙස පත්වූ උත්පලා හෙට්ටිආරච්චි මහත්මිය

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ 12 වැනි ගරු සභාපතිතුමිය ලෙස අභිනවයෙන් පත්වූ උත්පලා හෙට්ටිආරච්චි මහත්මිය 2023 ජූලි මස 16 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන සේවාවනිතා කාර්යාලයේදී සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

පාබල හමුදා සේවාවනිතා ශාඛාවෙන් සිදුකළ රණවිරු සුබසාධන වැඩසටහන් වලදී තම දායකත්වය හා උපදේශකත්වය ලබාදෙමින් සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් ලෙස තම කාර්යභාරය මැනවින් ඉටුකළ උත්පලා හෙට්ටිආරච්චි මහත්මිය ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ලෙස අභිනවයෙන් රාජකාරී භාරගන්නා ලද අතර, ඉදිරියේදී සිදුකිරීමට නියමිත රණවිරු සුබසාධන කටයුතු කඩිනමින් සිදුකලයුතු ආකාරය පිළිබඳව සේවාවනිතා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් ඉදිරියේ ප්‍රකාශකර සිටින ලදී. මෙම අවස්ථාව සඳහා සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා රෙජිමේන්තු කාර්යමණ්ඩලය සහභාගී විය.

ඉදිරියේදී රණවිරු සුබසාධන කටයුතු කාර්යක්ෂමව සිදුකරගෙන යාමට ඇයට සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු.