Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th August 2023 11:00:07 Hours

යුද්ධ හමුදා චෙස් ශූරතා තරඟාවලියේ අනුශූරතාවය පාබල හමුදා චෙස් කණ්ඩායම හිමිකරගනි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් කමිටුව වෙතින් සංවිධානය කර පවත්වනු ලැබූ 2023 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් ඇඳීමේ තරඟාවලිය අගෝස්තු මස 21 වන දින සිට 24 වන දින දක්වා රෙම ශ්‍රීලංඉ තුළදී පවත්වන ලදී. එම තරඟාවලිය සඳහා සහභාගී වූ පාබල හමුදා රෙජිමේන්තු චෙස් ක්‍රීඩා කණ්ඩායම තරඟාවලියෙහි අනුශුරතාවය හා තවත් ජයග්‍රහණ රැසක් හිමි කර ගනිමින් රෙජිමේන්තුව වෙත ඉමහත් අභිමානයක් එක්කරදීමට සමත් විය.

අනුශූරතාවය හිමිකරගත් පාබල හමුදා රෙජිමේන්තු චෙස් ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් 3 ශ්‍රීලපාහ බළඇණියට අයත් නි/70916 කපිතන් ආර්ඒඅයි ශාමින්ත ශ්‍රීලපාහ නිලධාරී ප්‍රමුඛ 1 ශ්‍රීලපාහ - සෙ/329284 කෝප්‍රල් ප්‍රේමතිලක ඩබ්ලිව්පිපිජීඑස්, 19 ශ්‍රීලපාහ - සෙ/327738 කෝප්‍රල් සේනානායක ඒසීජේඑල්, 17 (සෙව්) ශ්‍රීලපාහ - සෙ/22ඩී00411 ලාකෝ කුමාර එල්ආර්එන්එස්, 10 ශ්‍රීලපාහ - සෙ/333065 පාසෙ සම්පත් කේඩීඑස්, 1 ශ්‍රීලපාහ- සෙ/334507 පාසෙ පෙරේරා පීඒඑන් යන ක්‍රීඩකයින් තරඟාවලිය සඳහා සහභාගී වන ලදී.

තවද මෙම තරඟාවලියේ දී අධිවේගි චෙස් තරඟාවලියේ කේවල අංශයේ දෙවන ස්ථානය සෙ/327738 කෝප්‍රල් සේනානායක කේඒඩීජේඑල් විසින් හිමිකරගත් අතර, කේවල අංශයෙන් තරඟ කළ සෙ/329284 කෝප්‍රල් ප්‍රේමතිලක ඩබ්ලිව්පීපීජීඑස් - හයවන ස්ථානය ද, සෙ/22ඩී00411 ලාකෝ කුමාර එල්ආර්එන්එස් - අටවන ස්ථානය හා සෙ/327738 කෝප්‍රල් සේනානායක කේඒඩීජේඑල් විසින් - නවවන ස්ථානය ද හිමිකරගන්නා ලදී.

හිමිකරගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ප්‍රමුඛ පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින්ගේ සුබාශිංසන මෙසේ පිරිණමන්නෙමු.